Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසාද ලකුණු සම වුවත් තරගයේ ජයග්‍රාහකයාට කුසලාන හිමිවන බැවින් මෙම 14 වැනිදා කොළඹදී රිනවුන් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගය අති තියුණු මුහුණුවරක් ගන්නා ලකුණු මේ වන විට පළවී තිබේ.
මෙවර ඩයලොග් ශූරයන්ගේ පාපන්දු කුසලාන තරගාවලිය (2017) නිමාවට පත් කරමින් මෙම දෙපිල අතර තරගය එදින රාත්‍රී 7.00 ට කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා තිබේ.
මෙම ලීග් පාපන්දු තරගාවලිය නිමාවට පත් කරමින් එම දෙපිල අතර පැවැත්වෙන්නේ එහි 153 වැනි තරගයයි.
මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන් පෙරමුණේ පසුවන රිනවුන් කණ්ඩායම ප්‍රසාද ලකුණු 40 ක්ද, දෙවැනි තැන පසුවන කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 37 ක්ද, ලබා සිටිති.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත් එය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් රිනවුන් කණ්ඩායමට කුසලාන දිනාගැනීමට ප්‍රමාණවත් වනු ඇත.
එසේ වුවත් කොළඹ කණ්ඩායම මෙම 14 වැනිදා පැවැත්වෙන තරගය ජය ගැනීමට සමත් වුවහොත් දෙපිලේ ප්‍රසාද ලකුණු සමවන නමුදු කුසලාන ඔවුන් සතු වනු ඇත.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා “ලංකාදීප” යට පැවසුවේ, එම තරගයෙන් දෙපිලේ ප්‍රසාද ලකුණු සම තත්ත්වයක් උද්ගත වුවත් තරගයේ ජයග්‍රහණය සැලකිල්ලට ගනිමින් කුසලාන ඔවුන්ට ප්‍රදානය කරන බවයි.
මේ තාක් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට ද පත්ව සිටින රිනවුන් ක්‍රීඩා සමාජයට මෙන්ම පසුගිය වසරේ ශූරතාව දිනාගත් කොළඹ ක්‍රීඩා සමාජයටද ඒ අනුව එම තරගය ඔවුන් දෙපාර්ශවයට තත්ත්වය තීරණය කෙරෙන තරගාවලියේ කඩඉම් තරගය බවට පත්ව තිබේ. රිනවුන් කණ්ඩායමට මීට වඩා පහසුවෙන් කුසලාන දිනාගැනීමට තිබූ අවස්ථාවක් වැළකී ගියේ ගුවන් හමුදා කණ්ඩායම සමග තරගය ඔවුන්ට ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදුවීම නිසාය.
එම තරගය ජයගැනීමට රිනවුන් කණ්ඩායම සමත්වූයේ නම් ඔවුන්ගේ මුළු ප්‍රසාද ලකුණු ගණන 42 ක් වන අතර ඒ අනුව කොළඹ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ඒ සඳහා ඔවුන්ට කිසිදු බලපෑමක් නොවන තරගයක් බවට පත්වීමට ඉඩකඩ ඒ වන විට විවර වී තිබුණි.
රිනවුන් ක්‍රීඩකයෝ මේ වන විට මුහුණු දුන් තරග 16 න් 12ක්ම ජයගෙන සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ. ඔවුන් එහිදී ගෝල 44 ක් ප්‍රතිවාදීන්ට එරෙහිව රැස්කර ගෙන තිබෙන අතර ප්‍රතිවාදීන් ඔවුන්ට එරෙහිව රැස්කර ගෙන ඇත්තේ ගෝල 17 ක් පමණී.
කොළඹ කණ්ඩායම තරග 11 ක් ජයගෙන බේරුවල සුපර්සන් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය පමණක් පරාජය වී තිබේ. ඒ අනුව තරග 16 කදී කොළඹ කණ්ඩායම ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල 45 ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.
ප්‍රතිවාදීන්ට ඔවුන් එහිදී ලබාදී ඇත්තේ ගෝල 11 ක් පමණි. දෙපිලේම ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බහුතරයක් ද නියෝජනය කරන තත්ත්වයක් තුළ මෙම 14 වැනිදා මෙම දෙපිල අතර පැවැත්වෙන තරගය මේ වන විට “නිල නොවන” අවසන් මහා තරගයක් බවට පත්ව තිබේ.
කොළඹ කණ්ඩායම පසුගිය තරගාවලියේදීද මේ ආකාරයටම රිනවුන් කණ්ඩායම අවසානයට මුහුණ දුන් තරගයෙන් පරාජය කරමින් ශූරතාව දිනා තිබෙන අතර මෙදා ජයග්‍රහනයත් ඔවුන් සතු වුවහොත් එය ඔවුන් ශූරයන්ගේ කුසලාන දිනාගන්නා පිට පිටම තෙවැනි අවස්ථාව වනු ඇත.
මේ අතර තරගාවලියේ ඉතිරිව තිබූ තරග තුනක් පැවැත්වීමේදී මාතර සිටි කණ්ඩායම විසින් යුදහමුදා කණ්ඩායමද (2-1), ගුවන් හමුදා කණ්ඩායම විසින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම (7-0) හා නාවලපිටිය අප්කන්ටි්‍ර කණ්ඩායම විසින් අනුරාධපුරය සොලිඞ් කණ්ඩායමටද (2-0) එරෙහිවද ජයග්‍රාහණ වාර්තා කළේය.
එම තරග තරගාවලියේ තීරණයන්ට බලපෑම් නොකළ තරග බවට පත් වෙද්දී ගුවන් හමුදා ක්‍රීඩකයෝ මොරගස්මුල්ලට එරෙහිව ගෝල හතක් වාර්තා කරද්දී කවිඳු ඉෂාන් හා ඩී.කේ. දුමින්ද ද්විත්ව ගෝලලාභියෝ බවට පත්වූහ.
තරග 16 කදී අඩක් ජයගත් වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේදී වඩාත් පෙරට පැමිණෙමින් තරගාවලියේ තෙවැනි ස්ථානය දක්වා ඉහළටම පැමිණීම කැපී පෙනේ. එහිදී ඔවුන් සිය අවසන් තරගය කුරුණෑගල ෆෙලිකන්ස් කණ්ඩායම සමග වෙන්නප්පුව “ඇල්බට් එෆ්. පීරිස්” පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණත් ප්‍රතිවාදි ෆෙලිකන්ස් කණ්ඩායම තරගයට වාර්තා නොකිරීමෙන් ඔවුන්ට නිතරග ජයක් හිමිවිය.
නිව් යංග්ස් කණ්ඩායමේ මෙවර ප්‍රසාද ලකුණු එකතුව 29කි. මෙවර තරගාවලියේදී ප්‍රතිවාදීන් වැඩිම ගෝල ගණනක් වාර්තා කර ඇත්තේ ප්‍රසාද ලකුණු සටහන් අවසන් ස්ථානයට පැමිණ තිබෙන මොරගස්මුල්ල කණ්ඩායමට එරෙහිවය. එය ගණනින් 41 කි.
ප්‍රතිවාදීන්ට මෙවර අඩුම ගෝල ගණනක් ලබා දී ඇත්තේ කොළඹ කණ්ඩායමයි. මෙතෙක් තරගාවලියේ තරග 15 කදී ඔවුන් ප්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ ගෝල 11 ක් පමණී, මොරගස්මුල්ල කණ්ඩායම හා පොලිස් කණ්ඩායම මෙදා තරගාවලියේ අවසන් ස්ථාන දෙකට පත්වීම තුළ ඔවුන් එළඹෙන (2018) තරගාවලියෙන් ඉවතට යන අතර එම ස්ථාන දෙක දැනට පැවැත්වෙමින් තිබෙන ප්‍රධානතම පළමු පෙළ තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙකට එළඹෙන තරගාවලියේදී හිමිවේ.
මෙවර තරගාවලියේ අවසානයට යෙදී තිබෙන රිනවුන් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරගය යාපනයේදී පැවැත්වීමට පාපන්දු සම්මේලනය ගත් උත්සාහය අවසන් මොහොතේ අත්හැර දමා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.