Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වෙළෙඳ සේවා ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

වෙළෙඳ සේවා ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

Nisanka Sandeepani - 2018 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම වෙළඳ සේවා දැල්පන්දු ලීග් තරගාවලියේදී පිටපිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගත්තේය.

කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ ඒ කාණ්ඩයේ අවසන් තරගයේදී සිටිසන් ඩිවලොප්මන්ට් බැංකු කණ්ඩායම ලකුණු 63-44 කින්ද පරාජය කරමින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම එම ශූරතාව දිනාගැනීමට සමත් විය. 

මෙම තරගාවලිය කාණ්ඩ 4කින් සමන්විතය. 

තරගාවලියේ බී කාණ්ඩයේ ශූරතාව සම්පත් බැංකුව විසින් දිනාගන්නා ලද අතර එහි අනුශූරතාව ඔමේගා ලයින් පිලට හිමිවිය. (ලකුණු 20-17) 

සී කාණ්ඩයේ තරගාවලියේදී ඇක්සස් සමූහය විසින් ශූරතාව දිනාගන්නා ලද අතර ෆයර් ෆස්ට් කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය. 

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකු කණ්ඩායම අතර ඩී කාණ්ඩයේ අවසන් තරගය පැවැත්විණි. එහිදී ලකුණු 22-18 ක් ලෙස සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකු කණ්ඩායම ජයග්‍රහණය ලබමින් ශූරතාව දිනාගත්තේය. 

විශේෂ දක්ෂතා

දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව - ගයංජලී අමරවංශ (හැටන් නැෂනල් බැංකුව)
දක්ෂතම පන්දු විදින්නිය - චතුරංගනී මල්කාන්ති (එක්ස්පෝ ලංකා)
දක්ෂතම පන්දු ආරක්ෂා කරන්නිය - අංජලී ඒකනායක (හැටන් නැෂනල් බැංකුව)
දක්ෂතම ක්‍රීඩකයා - ධනුෂ්ක රත්නායක (සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව)
දක්ෂතම නැගී එන ක්‍රීඩිකාව - දේශිකා සිල්වා (ඇක්සස් සමූහය)
වෙළඳ සේවා දැල්පන්දු රැජිණ - ටී. අනීතා (සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව)


අදහස් (0)

වෙළෙඳ සේවා ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.