Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට තරග වදින අපේක්ෂකයන්ට ඉදිරිපත්ව තිබෙන සියලූ විරෝධතා ඉවත් කර ගැනීමේ යෝජනාවක් පෙරේදා (16) පැවැති එහි විශේෂ විධායක සභා රැස්වීමේදී සම්මත කර ගත් බව වාර්තා වේ.
මෙවර නිලවරණයේදී ලේකම්ධුරයට තරග වදින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්ලෙමන්ට් ද සිල්වා මහතා ගෙන ආ යෝජනාවක් එසේ සභා සම්මත වූයේ ඒ සම්බන්ධයෙන් කළ ඡන්ද විමසුමට පක්ෂව වැඩි ඡන්ද ගණනක් ලැබීමෙනි. එහිදී ඡන්ද 18-5කින් යෝජනාව සම්මත වූ අතර, එක් සභිකයකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයා වන සුනිල් සේනවිර, හර්ලි සිල්වේරා, නියෝජ්‍ය ලේකම් රෝහිත ප‍්‍රනාන්දු විධායක සභිකයන් වන තිළිණ පණ්ඩිතරත්න හා සේපාල පෙරේරා යන මහත්වරු එහිදී එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළහ.
ඒ අනුව මෙවර පාපන්දු නිලවරණයේදී අපේක්ෂකයන්ට ඉදිරිපත්ව තිබෙන විරෝධතා සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි. එම යෝජනාවට එදිනට රැස්වූ සම්මේලන මධ්‍යම කමිටුව ද ඒකමතිකව අනුමත කර තිබිණි.
මේ මස 23 වැනිදා පෙරවරු 9.30 ට පාපන්දු නිවසේදී පැවැත්වෙන නිලවරණයේදී සභාපති ධුරයට පාපන්දු සම්මේලනය හිටපු විධායක නිලධාරි අනුර ද සිල්වා හා එහි හිටපු තාක්ෂණික අධ්‍යක්‍ෂවරයකු වන රූමි පකීිර් අලි යන මහත්වරුන් තරග වැදීමට නියමිතය.
සභිකයන් තෝරා ගැනීම සඳහා පාපන්දු සම්මේලනයේ නිලවරණයකදී ඡන්ද විමසුමක් කෙරෙන්නේ 1995 න් පසුව බව වාර්තා වේ. එහිදී සභාපති ධුරයට ආනන්ද රාජා හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ටී. පෙරින්පනායගම් යන මහත්වරු තරග වැදුණු අතර, එම නිලවරණය ජය ගත්තේ ආනන්ද රාජා මහතා විසිනි.
මෙවර නිලවරණය නිරීක්ෂණය සඳහා ආසියානු පාපන්දු සමුළුව, රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හා ක‍්‍රීඩා අමාත්‍යාංශය යන ආයතන තුනක නියෝජිතයන් සහභාගි වන බව ද රංජිත් රුද්‍රිගු මහතා පවසයි.මෙවර නිලවරණයේදී ඡන්දය දීමට හිමිකම් ඇති ලීග (සංගම්) ගණන 46 කි. නවක ලීග 18 කට ඡන්දය ලබාදීමට ගත් උත්සාහය අවසන් මොහොතේ අත්හැර තිබේ.
කෙසේ වුවත් ලීගවලට ඡුන්ද බලය හිමි කර දෙමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවත්වන අවසන් නිලවරණය මෙය වන බව ද වාර්තා වේ.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ උපදෙස් පරිදි, ඉදිරියේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසු එතැන් පටන් එහි නිලවරණ අවස්ථාවලදී ඡන්ද බලය හිමිවන්නේ දිස්ත‍්‍රික් ඒකකයක් යන පදනම අනුවය. එහිදී අලූතින් ස්ථාපිත කෙරෙන දිස්ත‍්‍රික් සංගම් නැත්තේ නම් පාපන්දු සම්මේලනයේ සාමාජික අනු සංගම් හා තෝරා ගත් ක‍්‍රීඩා සමාජ වලටත් ඡන්ද බලය ප‍්‍රදානය කෙරේ.
ශ්‍රී ලංකාවේ දැනට පැවැත්වෙන ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය වන ශූරයන්ගේ තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩා සාමජවලට එහිදී ඡන්ද බලය හිමිවේ.
නිලවරණයේදී දැනට ලීගයකට ඡුන්ද තුනක් බැගින් හිමිවන නමුත් නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඒ සඳහා බලය හිමි වන එක් සංවිධානයකට ලැබෙන්නේ ඡන්දයක් පමණි. එවිට දැනට ලීග 46 ක් සඳහා හිමිවන 138 ක් වන මුළු ඡන්ද එකතුව 50 ක් දක්වා අඩු වනු ඇතැයි ද වාර්තා වේ.
●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.