Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව මියන්මාරයට පරදී

ශ්‍රී ලංකාව මියන්මාරයට පරදී

editorial - 2024 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

දෙරට අතර යැංගුන් නුවරදී ඊයේ (10) පස්වරුවේ නිමාවූ  පළමු සුහද ජාත්‍යන්තර පාපන්දු  තරගයේදී මියැන්මාරය විසින් ශ්‍රී ලංකාව ගෝල 2 - 0 කින් පරාජය කරන ලදී.පළමු භාගය ගෝල 1 - 0 ක් ලෙස පෙරමුණ  ගනිමින්  එහිදී  මියන්මාරය තරගය ජය ගත්තේය.
           
වසර 14 කට පසුව ඊයේ පළමු වතාවට දෙරට ජාත්‍යන්තර  පාපන්දු  තරගයකට සහභාගිවීම කැපී පෙණුනි.තරගයේ 17  වැනි විනාඩියේදී මැද පෙළ ක්‍රීඩක ලිවින් මොඒ අරුන්ග් ව්සින් මියන්මාරයට පළමු ගෝලය ලැබ දුන්නේය.
             
අනතුරුව 57 වැනි විනාඩියේදී  ම උන්ග්  ලිවින්ග් විසින් නිදහස් පහරක් කෙළින්ම දැල තුළට යොමු කිරීමෙන් රැස් කළ දෙවැනි ගෝලය මියැන්මාරයේ ජයග්‍රාහණය වඩාත් තහවුරු කළේය.මෙම  ක්‍රීඩකයා මියන්මාර කණ්ඩායමේ සුපිරි තරුව ලෙස සැළකෙන අතර 29 හැවිරිදි  ඔහු මේ වන විට ජාත්‍යන්තර තරග 58 කට ක්‍රීඩා  කර ගෝල 16 ක් රැස් කර තිබේ.
          
ඊයේ තරගය පුරා මියන්මාර කණ්ඩායමේ දක්ෂතා ඉදිරියෙන් පසුවූ බව එහි නිල තාක්ෂණික  වාර්තාව  අධ්‍යනයේදී පෙන්නුම් කෙරුණි. කෙසේවූවත් දෙරට අතර දෙවැනි (අවසන්) තරගය ඉරිදා (13) යැන්ගුන් නුවරදී පැවැත්වීමේදී ශ්‍රී ලංකාවට දක්ෂතා අතරට පැමිණීමට තවත් අවස්ථාවක් ඉතිරිව  තිබේ.
            
දෙරට 1953 සිට  ඊයේ මුණ ගැසීම දක්වා  ජාත්‍යන්තර  පාපන්දු  තරග   හතකට   එතෙක් සහභාගිවී ඇත. එහිදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ  එකම තරගයක් පමණි. සුහද ජාත්‍යන්තර පපන්දු තරගයකදී මුණ ගැසුණේ 1995 න් පසුව වීමත් තවත්  කැපී පෙණුනු සිදුවීමකි.
           
ඊයේ  තරගය පැවැත්වෙන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු  ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානයේද හා මියැන්මාරය  167 වැනි ස්ථානයේද පසු විය.
             
ශ්‍රී ලංකාව යැන්ගුන්  නුවරට ළගාවීමට ආසන්නයේ පසුගිය සැප්තැම්බර් .10 වැනිදා පොනොම් - පෙන් නුවරදී  කාම්බෝජය දඩුවම් පහර 4 - 2 කට පරාජය කළේ ආසියානු  කුසලාන (2027 - රියාද්) නිර්දේශ වටයේ තරගයකදීය.


අදහස් (0)

ශ්‍රී ලංකාව මියන්මාරයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.