Last Update  :  2024-12-17 20:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 6 ක්
2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය

ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 6 ක්

editorial - 2024 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2027 දී පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව වසර 2025 -26 කාල සීමාවේදී තරග හයකට සහභාගි වීමට නියමිතය. මෙම තරග හය පැවැත්වෙන දින සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් දැනටමත් ප්‍රකාශවී අවසන් ය.

ආසියානු කුසලාන (2027) පාපන්දු තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබන කණ්ඩායම් ගණන 24 කි. ඉන් සත්කාරක සෞදි අරාබිය ඇතුළු රටවල් 18 ක් දැනටමත් ඊට සුදුසුකම් ලබා අවසන්‍ ය. ඉතිරි කණ්ඩායම් හය තෝරා  ගැනීම සඳහා මූලික වටයේ පරාජිතයන්ට තවත් අවස්ථාවක් උදාකර දෙමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 24 කට මෙම අවස්ථාව හිමිව තිබේ.

මූලික වයේ පරාජිතයන්ට නැවැත අවසන් වටයට පිවිසීමේ අවස්ථාවක් හිමිව ඇත්තේ ආසියානු පාපන්දු සමුළුව තරගාවලියට පළමු වරට හදුන්වා දුන් නව ආකෘතියට අනුවය.

මීළඟ ලෝක කුසලාන (2028) පාපන්දු තරගාවලිය සඳහා ආසියානු කලාපීය මූලික වටයේ තරග 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටය ලෙසින්ද සැළකුණි. එහිදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග වලදී භූතානය සමග පැවැති තරගය පමණක් ජය ගැනීමට (2 -0) සමත් විය.

ඒ අනුව 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීම සදහා පරාජිතයන්ට හිමි වන අවසන් අවස්ථාව යටතේ ශ්‍රී ලංකාව ලබන මාර්තු 25 වැනිදා තායිලන්තයට එරෙහිව එහි තෙවැනි වටයේ තරග වැදීම අරඹයි. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග පිටියේ යම් ප්‍රගතියක් අත් කර ගත් වසරක් ලෙස ගෙවී යන 2024 වසර හැදින්විය හැකිය. මේ වසරේදී තරග 10 කට සහභාගිවූ ශ්‍රී ලංකාව තරග දෙකක් පමණක්  (භූතානයට හා යේමනයට එරෙහිව) ජය ගත්තද තවත් තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත්ව තිබේ. 

භූතානයට හා යේමනයට එරෙහිව පැවැති තරග ශ්‍රී ලංකාව ජය ගත්තද පැපුවා නිව්ගිණියාව, කාම්බෝජය, මියන්මාරය සමග තරග ජය පරාජයෙන් තොරව අවසන් කිරිමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.  ශ්‍රී ලංකාව 2024 වසරේදී පරාජයට පත්වූ තරග පහකි. බෲනායි (දෙවතාවක්),  කාම්බෝජය, මියන්මාරය හා යේමනය හමුවේ පැවැති තරග වලදී ශ්‍රී ලංකාව පරාජය විය.

ශ්‍රී ලංකාව 2024 ගෙවී යන වසරේදී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 205 සිට 200 දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබේ.එහිදී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාවට පරාජය වූ ප්‍රතිවාදීන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව වඩාත් ඉදිරියෙන් පසුවූවන් වීමය.මෙම අළුත්ම ලෝක ශ්‍රේණිගත කිරීම් වලට සමගාමිව එතෙක් ආසියාවේ පසුවූ අවසන් ස්ථානයෙන් (46 වැනි ස්ථානය) මිදීමටද (දැන් 45) ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකාව 2024 වසරේදී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 205 සිට 200 දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකාවට පරාජය වූ භූතානය සහ යේමනය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව වඩාත් ඉදිරියෙන් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 205 ස්ථානයේ සිට 200 දක්වා ඉහළ නැගීමේ අවස්ථාව උදා විය. අළුත්ම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පසුගිය කාලයේදී ආසියාවේ අවසන් ස්ථානයේ (46) සිටි ශ්‍රී ලංකාව දැන් 45 වැනි ස්ථානය ලබා සිටී. 

මේ වන විට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායීරී මහතා කටයුතු කරයි. හිටපු  ස්කොට්ලන්ත  ජාතික ඇන්ඩි මොරිසන් මහතා සිය කොන්ත්‍රාත්තුව අතරමග සේවයෙන් ඉවත්ව ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්‍ය්‍ය මණ්ඩලය 10  දෙනෙකුගෙන් සමන්විතය.

මෙතෙක් එහි කටයුතු කළ බහුතරයක් වූ වීදේශිකයන් වෙනුවට දේශීය පුහුණුකරුවන් සේවයට කැදවා තිබේ.

19 වැනි ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ  අවසන් වටය සෞදි අරාබියේ රියාද් නුවර කේන්ද්‍ර කර ගනිමින් 2027 ජනවාරි 15 සිට පෙබරවාරී 8 වැනිදා දක්වා පැවැත්වේ.

සත්කාරක සෞදි අරාබිය ඇතුළුව ඕස්ට්‍රේලියාව, ඉරාකය, ඉරානය, උස්බෙකිස්තානය, කටාර්, එක්සත් අරාබ් එමීර්, ජපානය, දකුණු කොරියාව, ඕමානය, පලස්තීනය, බහරේන්, ජෝර්දානය, චීනය, ඉන්දුනීසියාව, උතුරු කොරියාව, කුවේට්, හා කිරිගිස්ථානය අවසන් වටයට දැනටමත් සුදුසුකම් ලබා ගත් රටවල් 18 අතර සිටිති. 

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේදී සෑම රටක්ම සිය ප්‍රතිවාදියා සමගින් දෙවතාවක් තරග කළ යුතුය

තරග කාල සටහන 
2025 මාර්තු 25  : -තායිලන්තයට එරෙහිව බැංකොක් නුවරදී
2025 ජූනි 10 : -චීන - තායිපේට එරෙහිව කොළඹදී 
2025 ඔක්තෝබර් 9 :- තුර්ක්මෙනිස්ථානයට  එරෙහිව කොළඹදී 
2025 ඔක්තෝබර් 14 : - තුර්ක්මෙනිස්ථානයට එරෙහිව ඇස්ගාබට් නුවරදී 
2025 නොවැම්බර් 18 :- තායිලන්තයට එරෙහිව කොළඹදී 
2026 මාර්තු 31 : - චීන - තායිපේට එරෙහිව කහෝසියුන්ග් නුවරදී


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.