Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අගහරුවාදා (25) පැවැත්වෙන ආසියානු කුසලාන (2027 - රියාද්) නිර්දේෂිත තරගයට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකාව අද (20) වියැන්ටියෑන් අගනුවරදී ලාඕසය සමග සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වේ.
එම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට පැවැත්වේ.තායිලන්තය බලා යන ගමන අතරතුර ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සදුදා (17) ලාඕසයට ළගා විය.අද තරගයට සහභාගි වන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානයේත් ලාඕසය 186 වැනි ස්ථානයේත් පසු වෙයි.
මෙම දෙරට අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු පිටියේ මුණ ගැසුණු 2019 දී එම තරගය ගෝල 2 - 2 කට සම වෙමින් අවසන්ව තිබේ.ඒ ලාඕසයේදීම පැවැති තරගයකදීය. කෙසේවූවත් ඊට පෙර දෙරට මුණ ගැසුණු වසර 2016 - 2013 යන අවස්ථා දෙකකදී ලාඕසය ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත්ව තිබේ.
එහෙත් ශ්‍රී ලංකාව ලාඕසයට එරෙහිව අවසන් ජාත්‍යන්තර පාපන්දු ජය වසර 2003 දී වාර්තා කර ඇත.එහිදී කොළඹදී ලෝක කුසලාන නිර්දේෂ තරග වටයකදී ගෝල 3 - 0 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාව වාර්තා කර තිබේ.
එම තරග වටයේදීම දෙරට අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව (0 - 0) අවසන්වී තිබේ.අද පැවැත්වෙන දෙරට අතර තරගයේ තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්නේ අගහරුවාදා තායිලන්තයට මුහුණදීමේදී වඩාත් ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගනිමින් මුහුණදීමේ අවස්ථාව ඉන් ඔවුන්ට සැළසෙන බැවිනි.
කුවේට් ජාතික වත්මන් පුහුණුකරු අබ්දුල්ලා අල් මුතායිරි මහතා පසුගිය අගෝස්තු මාසයේදී මෙරට ජාතික පාපන්දු කණ්ඩායමේ සේවය බාර ගැනීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ජාත්‍යන්තර තරග හයකින් එක් තරගයක් ජය ගෙන තවත් තරග තුනක් පරාජයවී සෙසු තරග දෙක ජයපරාජයෙන් තොරව අවසන්වී තිබේ.
ශ්‍රී ලංකාව එයින් එක් තරගයක් කාම්බෝජයට දඬුවම් පහරින් පරාජය වූයේ නියමිත තරග අවසානයේදී ගෝල 2 - 2 කට සමව තිබියදීය.එකී ප්‍රතිපල ඔස්සේ ශ්‍රී ලංකාවට ආසන්නතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට හැකි විය.ඒ හේතුවෙන් මුතායිරි මහතාගේ මෙතෙක් සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වඩාත් ප්‍රසාදයට
පත්ව සිටියි.
නිත්‍ය දැල් රකින්නා වන 32 හැවිරිදි සුජාන් පෙරේරාට තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ.ඔහු මේ වන විට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර තරග 55 ක අත්දැකීම් ලබා තිබේ.මාලදිවයිනේ ට්‍රස්ට් ඇන්ඩ් කෙයාර් ක්‍රීඩා සමාජයට ඔහු ක්‍රීඩා කරයි.
කණ්ඩායමේ වඩාත් පළපුරුදු ක්‍රීඩකයෙකු වන හොංකොං නැගෙනහිර දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් පිලට ක්‍රීඩා කරන ඉදිරිපෙළ ක්‍රීඩක වසීම් රසීක් මේ වන විට ජාත්‍යන්තර තරග 22 කදී ගෝල හයක් රැස් කර තිබේ.
ලාඕස කණ්ඩායමේ නායක බවුන්කොන්ග් ජාත්‍යන්තර තරග 27කදී ගෝල හතක් මෙතෙක් වාර්තා කළ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකි.ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු හා හෙයික් ජුන් මහතා ඇතුළු කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් දෙදෙනාත් කොරියානු ජාතිකයෝ වෙති.2024 දී ඔවුන් ජාත්‍යන්තර තරග හයකට සහභාගි වී ඉන් තරග තුනක් පරාජයවී සෙසු තරග තුන ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා පාපන්දු සංචිත කණ්ඩායම ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විතය.ඉන් 13 දෙනෙකු විදේශගතව වෙසෙන ද්විත්ව පුරවැසිලාභී ශ්‍රී ලාංකිකයෝ වෙති.ජර්මනියේ හා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන විලියම් තොම්සන් හා ගැරට් කෙලී අලුතින් ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති. මෙම දෙරටම මෙම වසරේදී මුහුණ දෙන පළමු ජාත්‍යන්තර පාපන්දු තරගය මෙයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.