Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණයෙන් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ කොත්මලේ චොක්ස් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ සහිරා විදුහල පසුගියදා සමත් වූහ.
කොළඹ සිටි පාපන්දු සංකීර්ණයේදී පැවැති ශාන්ත පීතර විදුහල සහ හමීඩියා අල් හුසේන් විදුහල අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී ගෝල් 3-0 ක පහසු ජයක් වාර්තා කළ ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාව උදා ගැනීමට සමත් වූහ.
තරගයේ 34 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ ඉසුරු සම්පත් පළමු භාගය අවසන් වන විටම ශාන්ත පීතර විදුහල ගෝල 1-0 ක් ලෙස පෙරමුණට රැගෙන යෑමට සමත් විය. අනතුරුව තරගයේ 78 වැනි මිනිත්තුවේ සහ 90 වැනි මිනිත්තුවේදී පේශල රාජකරුණා ලබා ගත් ගෝල ද්විත්වය හමුවේ පීතර විදුහල පහසු ජයක් ලබාගත්තේය.
මීගමුව මාරිස්ටෙලා විදුහල් කී‍්‍රඩාංගණයේදී සහිරා විදුහල විසින් ගෝල 1-0 කින් වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදා කරගන්නා ලදි. මෙම තරගයේදී දෙපිලම කරට කර සටනක නියැළුනු අතර තරගයේ පළමු භාගය ගෝල රහිතව අවසන්විය. දෙවැනි භාගයේදී ක‍්‍රියාත්මක වූ සහිරා විදුහලේ ඒ. සකීර් තරගයේ 72 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් සහිරා විදුහලට අවසන් පූර්ව තරග අවස්ථාව උදාකර දීමට සමත් විය.
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.