Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කි‍්‍රකට් කී‍්‍රඩාව අභිබවා පාපන්දු ශ්‍රී ලංකාවේ ජනපි‍්‍රයතම කී‍්‍රඩාව බවට පත්කරන බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝෂප් බ්ලැටර් මහතා පැවසීය.
බ්ලැටර් මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් සිටියදී අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය. අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට පාපන්දු කී‍්‍රඩාවට ඇති ජනපි‍්‍රයත්වය ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ අංක එකේ කී‍්‍රඩාව කි‍්‍රකට් වූවත් පාපන්දු කී‍්‍රඩාවට එසේ නොවීමට කිසිදු හේතුවක් තමන්ට නොපෙනෙන බව බ්ලැටර් මහතා පැවසීය.
”ශ්‍රී ලංකා වාසීන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට සලකන්නේ දෙවිවරුන්ට වගේ”
”පාපන්දු කී‍්‍රඩාව ලොව පුරා ව්‍යාප්ත කී‍්‍රඩාවක්. එය කී‍්‍රඩා කරන්න වැඩි වියදමක් යන්නේ නෑ. එය අන් කී‍්‍රඩා හා සැසඳීමේදී ලාභදායී කී‍්‍රඩාවක්... ඒ වගේම වැඩි වේලාවක් ගන්නෙත් නෑ”
”මම ඔබ සැමට යෝජනා කරනවා පාපන්දු කී‍්‍රඩාව පිළිබඳ උනන්දු වෙන්න. කවදා හෝ දවසක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු පිටියේ තරඟ කරන ආකාරය දකින්න බලාපොරොත්තු වන්න කියා” යයිද බ්ලැටර් මහතා පැවසීය.
පාපන්දු කී‍්‍රඩාව දැන් ඉන්දියාවේ ජනපි‍්‍රය කී‍්‍රඩාවක් වෙමින් පවතිනවා. ඒත් එහි නියම ප‍්‍රවර්ධනය එන්නේ 2017 දී. 2017 වයස අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙන අතර එයට කණ්ඩායම් 24 ක් සහභාගි වෙති. තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 52 කි.
”ඉන්දියාව ඔවුන්ගේ වෘත්තීය තරගාවලිය ආරම්භ කළේ මෑතකදී. ඒ හිටපු කී‍්‍රඩකයන් සහ දක්ෂ කී‍්‍රඩකයන් යොදාගනිමින්. ඔවුන් එහි නියම ප‍්‍රතිලාභ ලබන්නේ 2017 දී. එය තමා කි‍්‍රකට් කී‍්‍රඩාව ඉහළම තැනෙක තිබෙන රටක පාපන්දු ඉහළ තැනකට යන දවස” යයිද බ්ලැටර් මහතා පැවසීය.
පාපන්දු කී‍්‍රඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට උපකාර කිරීමට තමන් පොරොන්දු වන බවත් මිලියන 20ක ජනතාවක් සිටින රටේ අනාගතයේ දවසක පාපන්දු කී‍්‍රඩාව ජනපි‍්‍රයම කී‍්‍රඩාව කරවන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ආරම්භ කර 75 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී බ්ලැටර් පැවසීය.
”ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාවේ දියුණුව සම්බන්ධයෙන් මා සෑහීමකට පත්වෙන්නේ නෑ.” යයි පැවසූ බ්ලැටර් ශී‍්‍ර ලංකාවේ වත්මන් පාපන්දු බලධාරීන් පාපන්දු කී‍්‍රඩාවට තරුණයන් සම්බන්ධකර ගැනීම සඳහා මීට වඩා අවධානයකින් සහ කැපවීමක් කටයුතු කළ යුතු බවත් පැවසීය.
අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද පාපන්දු කී‍්‍රඩාව සම්න්ධයෙන් ඉදිරියේදී කළ යුතු දියුණු කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
විදෙස් කී‍්‍රඩකයන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට මෙන්ම ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයන්ට විදෙස් ගතවීමටත් අවස්ථාව උදා කර දෙන ලෙසත් ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයන්ට අත්දැකීම් ලබාගැනීමට උපකාර කරන ලෙසත් තමන් බ්ලැටර් මහතාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරන ලද නිවේදනයක සටහන් වේ.
ශී‍්‍ර ලංකා පාපන්දු නිලධාරීන් පවසා සිටියේ අන්තර්ජාතික පාපන්දු සංගමය පසුගිය වසර කිහිපය පුරා ඇමෙරිකන් ඩොලර් මිලියන 11.5 ක (රුපියල් කෝටි 150 කට ආසන්න) මුදලක් ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව වෙනුවෙන් වැය කර ඇති බවයි.
මේ වසරේ පැවැති පාපන්දු ලෝක කුසලානයෙන් පසු ඇමෙරිකන් ඩොලර් 250,000 ක ප‍්‍රසාද මුදලක් අන්තර්ාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල් අතර බෙදාදුන් බවත් එළැඹෙන ජනවාරියේදී තවත් ඩොලර් 500,000 මුදලක් සාමාජික රටවල් අතර බෙදා දීමට කටයුතු කරන බවත් අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපති ජෝෂප් බ්ලැටර් මහතා පැවසීය.
ශී‍්‍ර ලංකාවේ එක්දින සංචාරයක නිරත වූ අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපතිවරයා යාපනයේ ද සංචාරයක නිරත වූ අතර එහිදි ඔහු පාපන්දු කී‍්‍රඩාංගණයක් විවෘත කිරීමේ උත්සවයකටද සහභාගී විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නීතිඥයකු වන මයිකල් ගාර්ෂියා විසින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදු වූවා යැයි පැවසෙන දූෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සැකසූ සම්පූර්ණ වාර්තාව ප‍්‍රසිද්ධ කරන්නේ දැයි අවසානයේදී මාධ්‍යවේදීන් විමසූ අතර එයට පිළිතුරු දීමට නොහැකි බවත් එය අන්තර්ජාතික පාපන්දු සංගමයේ ආචාරධර්මවලට පටහැණි බවත් සභාපතිවරයා අවසාන වශයෙන් පැවසීය.
-055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.