Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශී‍්‍ර ලංකාව යන්තමින් මැලේසියාව පරදවයි

ශී‍්‍ර ලංකාව යන්තමින් මැලේසියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ඩකා නගරයේදී පැවැත්වෙන ‘බංග බන්දු’ කුසලාන පාපන්දු තරගාවලියේදී මැලේසියාව  ගෝල 2-1 කින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. මෙම තරගය බංගා බන්දු ක‍්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවැත්විණ.

මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ශ‍්‍රී ලංකාව ලබාගත් එකම ජයග‍්‍රහණයද මෙය වේ.

නේපාලය හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබු ශ‍්‍රී ලංකාවට මුලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ශ‍්‍රී ලංකාව පළමු තරගයෙන් සත්කාරක බංග්ලාදේශය හමුවේ ගෝල 4-2 ක පරාජයක් ලැබීය. තරගාවලියේ අවසන් පුර්ව වටයට බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ බහරේන් යන රටවල් සුදුසුකම් ලබා සිටිති.

 


- 090

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාව යන්තමින් මැලේසියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.