Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශී‍්‍ර ලංකා පාපන්දු පිල බංග්ලාදේශයටත් පරදී

ශී‍්‍ර ලංකා පාපන්දු පිල බංග්ලාදේශයටත් පරදී

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැත්වෙන ‘බංගා බන්දු කුසලාන’ පාපන්දු තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය ගෝල 4-2 ක ජයක් ලැබීය.

ජේසර් සම්ස් උල් හුඩාස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති මෙම තරගයේ 17 වැනි විනාඩියේදී බංග්ලාදේශ පිලේ හුසේන් රොනී ගෝලයක් ලබාගත් නමුත් 21 වැනි මිනිත්තුවේදී ශ‍්‍රී ලංකා පිල දඬුවම් පහරකින් ගෝලයක් ලැබීය.

ශ‍්‍රී ලංකා පිල ගෝලය ලබා මිනිත්තුවක් යද්දී 22 වැනි විනාඩියේදී යෙසින් ඛාන් ගෝලයක් ලබාගත්තේය. බංග්ලාදේශ පිලේ ජිබොන් නබීබ් 42 වැනි විනාඩියේ ද, හුසේන් රොනී 86 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝල දෙකත් සමග ශ‍්‍රී ලංකා පිලේ ජයග‍්‍රාහී අපේක්ෂා බිඳ වැටිණ.

තරගයේ 52 වැනි මිනිත්තුවේදී චතුරංග සංජීව ශ‍්‍රී ලංකා පිලේ දෙවැනි ගෝලය ලබා ගත්තේය.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේදී (රටවල්) ශ‍්‍රී ලංකාව 188 ස්ථානයේ සිටින අතර බංග්ලාදේශය සිටින්නේ එහි 179 වැනි ස්ථානයේය.

තරගාවලියේ මුලික වටයේදී ශ‍්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන අතර ‘ඒ’ කාණ්ඩයට බංග්ලාදේශය, නේපාලය, මැලේසියාවේ ෆෙල්ඩා යුනයිටඞ් පාපන්දු සමාජය ඇතුළත්ව සිටියි. බංග්ලාදේශ වයස 23 න් පහළ පිල, බහරේන්, මාලදිවයින සහ කාම්බෝජය යන රටවල් ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි.
 
ශ‍්‍රී ලංකාව සහභාගිවන මුලික වටයේ දෙවැනි තරගය නේපාලයට එරෙහිව මෙම 12 වැනිදා ඩකා බංග බන්දු ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. නේපාලය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේදී 196 ස්ථානයේ සිටියි.

තරගාවලිය මෙම 20 වැනිදා දක්වා ඩකාහි බංග බන්දු ක‍්‍රීඩාංගණයේ සහ ජේසර් සම්ස් උල් හුඩාස් යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ.

පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලිය පෙර සුදානම් තරගාවලියක් ද වේ. ඉකුත් දා ඉන්දියාවේ දී පැවැති සාෆ් පාපන්දු තරගාවලියේදී ශ‍්‍රී ලංකා පාපන්දු පිල අවසන් පුර්ව වටයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය විය.

 


- 090

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා පාපන්දු පිල බංග්ලාදේශයටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.