Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ කාන්තා පාපන්දු තරගාවලියේ (2016) පළමු කොටසේ කුසලාන ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ‘ඒ’ ක්‍රීඩිකාවෝ සමත්වුහ.
කොටස් දෙකකින් පැවැති මෙම තරගාවලියේ දෙවැනි කොටසේ කුසලාන ශූරතාව මීගමුව පාපන්දු සමාජය දිනා ගත්තේය.
මුලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැති අතර දෙවැනි වටයේ තරග පිළිම`ඵන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්විණි.
පළමු කොටසේ කුසලාන අවසන් මහා තරගයෙන් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම ගෝල 2-0 කින් පරාජය කිරීමට නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
මීගමුව පාපන්දු සමාජය දෙවැනි කොටසේ ශූරතාව දිනා ගත්තේ මාදම්පේ පාපන්දු සමාජය ගෝල 1-0 කින් පරදවමිනි. මෙම තරග කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.
පළමු කොටසේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නාවික හමුදා ‘බී’ පිලේ ප්‍රවීනා මදුකි පෙරේරා ද, දක්ෂතම ගෝල රකින්නිය ලෙස නාවික හමුදා ‘ඒ’ පිලේ සකුරා සෙව්වන්දි ද සම්මාන ලැබුහ.
මීගමුව කණ්ඩායමේ දිලාෂා ඩයස්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර කඵතර කණ්ඩායමේ ඒ.කාවින්ද්‍යා දක්ෂතම ගෝල රකින්නිය ලෙස තේරීපත් වුවාය.
කොටස් දෙකින්ම කුසලාන, පළඟ සහ බඳුන ලෙස ජයග්‍රාහී කණ්ඩායම් තේරීපත් විය.
සෙසු තරග ප්‍රතිඵල:
පළමු කොටසේ තරගාවලිය
පළඟ ශූරතාව
නාවික හමුදා ‘බී’ කණ්ඩායම විසින් ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී. (ගෝල 3-2)
බඳුන ශූරතාව
යුද හමුදා ‘බී’ කණ්ඩායම විසින් පොල්ගහවෙල යුනයිටඞ් කණ්ඩායම පරාජය කරන ලදී. (ගෝල 2-1)
දෙවැනි කොටසේ තරගාවලිය
පළඟ ශූරතාව
කඵතර කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායම පරාජය කරන ලදී. (ගෝල 2-0)
බඳුන ශූරතාව
හැටන් කණ්ඩායම විසින් රත්නපුර කණ්ඩායම පරාජය කරන ලදී. (ගෝල 2-0)
![]() |
![]() |
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.