Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශූරයන්ගේ කුසලාන යළිත් රොනාල්ඩෝට

ශූරයන්ගේ කුසලාන යළිත් රොනාල්ඩෝට

ශනුක අරවින්ද - 2018 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශූරයන්ගේ ලීග් අවසන් තරගයේදී ලිවර්පූල් කණ්ඩායම ගෝල 3-1 ලෙස පරාජයට පත්කරමින්, රියල් මැඞ්රිඞ් කණ්ඩායමේ ශූරයන්ගේ කුසලාන දිනාගත්තේය. මෙම ජයග්‍රහණයෙන් පසුව රියල් මැඞ්රිඞ් පිලේ සුපිරිතරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසා සිටියේ එය ශූරයන්ගේ ලීගය ලෙසින් නොව“ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෙවන්ස්” ලීගය ලෙස නම වෙනස් විය යුතු බවයි.

යුරෝපයේ ප්‍රධාන පෙළේ පාපන්දු සංගම්වල සහභාගීත්වයෙන් පවත්වනු ලබන මෙම තරගාවලිය පස්වන වරටත් ජයගැනීමට රියල් මැඞ්රිඞ් පිල සමත්විය. ඒ පස්වතාවේදීම රොනාල්ඩෝ රියල් මැඞ්රිඞ් පිලසමග සිටියේය. ශූරයන්ගේ ලීගයේදී එවන් දක්ෂතාවයක් කළ පළමු ක්‍රීඩකයා බවට ක්‍රිස්ටිනා රොනාල්ඩෝ ඉතිහාසයට එක් විය.

“කවුද නැවතත් වැඩිම ගෝල ලාභියා වුනේ?” ඔහු වාර්තාකරුවෙකුගෙන් ඇසුවේය.

“ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෙවන්ස් ලෙස ශූරයන්ගේ ලීගයේ නම වෙනස් විය යුතුයි. මම පස් වතාවක් එය ජයග්‍රහණය කළා. මේ අවස්ථාවේ මම සතුටට පත් වෙන්න ඕනෑ” යනුවෙන් රොනාල්ඩෝ පවසා සිටියේය.

ගෝල 15ක් ලබාගත් රොනාල්ඩෝ මෙම තරගවාරයේ වැඩිම ගෝල ලාභියා බවටද පත් විය.

- 024  

 


අදහස් (0)

ශූරයන්ගේ කුසලාන යළිත් රොනාල්ඩෝට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.