Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කලුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සහ බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජය අතර ලබන සැප්තැම්බර් 2 දා ප.ව 3.30 ට කලුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පාපන්දු තරගයෙන් 2017 ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විධි විධාන යොදා තිබේ. මෙම තරගාවලිය සඳහා 2016 පාපන්දු තරගයේ සුපිරි දස්කම් දැක්වූ පාපන්දු කණ්ඩායම් 18ක් තෝරා ගෙන තිබේ.
බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජය, කලුතර බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, කොළඹ එෆ්.සී. කොළඹ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය, කුරුණෑගල පෙලිකන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය, නාවලපිටිය අප් කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය, මාතර සිටි ක්‍රීඩා සමාජය, කොළඹ ජාවා ලේන් ක්‍රීඩා සමාජය, ගම්පොළ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, නිගම්බු යූත් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, අනුරාධපුර සොලීඞ් ක්‍රීඩා සමාජය, වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් මෙවර ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියට සහභාගී වීමට වරම් ලබා ඇත.
ලබන දෙසැම්බර් 17 දක්වා මෙම තරගාවලිය සෑම සති අන්තයකදීම පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරග 153 කින් තරගාවලිය සමන්විත වනු ඇත.
විදෙස් ක්‍රීඩකයන් 3 දෙනා බැඟින් එක් කණඩායමකට සහභාගී කර ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. මෙවර එක් කණ්ඩායමක් ලියාපදිංචි කිරීමේ ක්‍රීඩක සංඛ්‍යාව 25 සිට 30 දක්වා වැඩි කර ඇතැයි පවසන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එම 30 දෙනාගේ සංචිතයට අනිවාර්යෙන්ම වයස අවු 22 ට අඩු ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළත් කළ යුතු බවද පවසයි.
මෙවර ද තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට මුදලින් රු. ලක්ෂ 7ක් ද අනුශූර කණ්ඩායමට රු. ලක්ෂ 5 ක්ද පිරිනැමේ. පසුගිය වසරේදී කොළඹ පාපන්දු සමාජය ශූරතාව දිනා ගත් අතර අනු ශූරතාව රිනවුන් ක්‍රීඩා සමාජයට හිමි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.