Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සංඛ - ගනේෂ්වරන් බයර්න් මියුනිච් යති

සංඛ - ගනේෂ්වරන් බයර්න් මියුනිච් යති

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ජර්මනියේ ප‍්‍රමුඛ පෙළේ පාපන්දු කී‍්‍රඩා සමාජයක් වන ‘බයර්න් මියුනිච්හිදී පැවැත්වීමට නියමිත අලියාන්ස් කණිෂ්ඨ පාපන්දු පුහුණු කඳවුරේදී අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නියෝජනය කිරීම සඳහා මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයේ වයි. යූ. සංඛ ජයමිණ විදානආච්චි සහ යාපනයේ ශාන්ත හෙන්රි විද්‍යාලයේ ගනේෂ්වරන් ඇන්ටනී රාජ් සුදුසුකම් ලබා ඇත.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මෙම පුහුණු කඳවුරට සහභාගී කරවීමට කී‍්‍රඩකයන් තෝරාගැනීම සඳහා අයැදුම්පත් කැඳවූ අතර මූලික තෝරා ගැනීම් වලින් සමත්වූ කී‍්‍රඩකයන් 50 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකට ලක්කර එහි ලකුණු ලබාගත් අනු පිළිවෙළ අනුව මෙම කී‍්‍රඩකයන් දෙදෙනා තෝරාගෙන තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා මෙම පුහුණු කඳවුරට සහභාගී වීම සඳහා මේමස 19 වැනිදා ජර්මනිය බලා පිටත්ව යෑමට නියමිතය. රටවල් 30 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 100 ක් පමණ සහභාගී වන මෙම පුහුණු කඳවුර දින 6 ක් පුරා පැවැත්වේ.

ලොව පුරා සිටින යොවුන් පාපන්දු කී‍්‍රඩකයන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම, පෞරුෂත්වය නැංවීම සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම මෙම පුහුණු කඳවුරේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.

2009 වසරේ සිට වසරක් පාසා පැවැත්වෙන මෙම පුහුණු කඳවුරට ශ්‍රී ලංකාව පළමු වරට සහභාගී වූයේ 2013 වසරේදීය. ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 25 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 75 ක් එම පුහුණු කඳවුරට සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේඛා අලස් මහත්මිය අතින් සංඛ ජයමිණ අනුග‍්‍රහක චෙක්පත ලබාගත් අවස්ථාව.

 

 

 

 

 

 

 

 

 

 


අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී පියල් ගුණවර්ධන මහතා අතින් ගනේෂ්වරන් ඇන්ටනී රාජ් කී‍්‍රඩා බැනියම ලබාගත් අවස්ථාව


ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

සංඛ - ගනේෂ්වරන් බයර්න් මියුනිච් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.