Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිටි ලීග සභාපති කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සෝන්ඩර්ස් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර අද (1 වැනිදා) පස්වරු 3.45ට කොම්පඤ්ඤවීදිය සිටි ලීග් පිටියේදී පැවැත්වේ.
දිවයිනේ වැඩිම ක්‍රීඩා සමාජ ගණනක් (24) නියෝජනය වන පාපන්දු ලීගයක් වන කොළඹ සිටි ලීගයේ ශූරයන්ගේ තරගාවලියේ මෙවරත් අවසන් මහ තරගයට තේරුණු කොළඹ කණ්ඩායම ගියවර තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි. ඔවුන්ගේ මෙවර ප්‍රතිවාදීන් බවට පත්ව සිටින සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය කලකට පසුව ප්‍රධානතම තරගාවලියක අවසන් මහ තරගයට ප්‍රවේශ වී සිටීම කැපී පෙනේ.
අවසන් පූර්ව වටයේදී සෝන්ඩර්ස් කණ්ඩායම විසින් වැල්ලවත්ත කුරේ (3-1) කණ්ඩායමද, කොළඹ කණ්ඩායම විසින් ගියවර අනුශූරතාව ද හිමිකර ගත් ජාවාලේන් කණ්ඩායම ද (4-1) පරාජය කරන ලදී.
තරගාවලියේ මූලික වටයේදී ශූරයන්ගේ තරගාවලිය මෙවරත් ජය ගත් කොළඹ කණ්ඩායම සෝන්ඩර්ස් කණ්ඩායම (2/1) පරාජය වීම කැපී පෙනෙන සිදුවීමකි. ඒ අනුව තරගාවලියේදී එම දෙපිල එකිනෙකාට එරෙහිව ප්‍රතිවාදීන් ලෙස නැවත වතාවක් මුණගැසීම තවත් කැපී පෙනන සිදුවීමකි.
ශූරයන්ගේ තරගාවලිය ජය ගැනීමේදී කොළඹ කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයන්ද ඇතුළත්ව සිටියත්, තරග නීති රීති අනුව සිටි ලීග තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සඳහා විදේශීය ක්‍රීඩකයන් සහභාගි කිරීම වළක්වා තිබේ.
ශූරයන්ට රුපියල් ලක්ෂ දෙකක්ද, අනු ශූරයන්ට රුපියල් ලක්ෂයක්ද ප්‍රදානය කෙරේ. කෙසේ වුවත් පසුගිය ශූරයන්ගේ තරගාවලියේදී අනු ශූරතාව හිමිකර ගත් රිනවුන් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවීමෙන් වැළකී සිටි බව සිටි පාපන්දු ලීගයේ ලේකම් එම්. ප්‍රේමදාස මහතා පැවසීය.
අද පැවැත්වෙන තරගයේදී කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස තිරාන් කනිෂ්ක ද, සෝන්ඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස අනුශංඛ ද කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.