Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සහිරා සත් සාමාජික පාපන්දු තරග 17 දා

සහිරා සත් සාමාජික පාපන්දු තරග 17 දා

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායකයින්ගේ සංගමය 11 වැනි වරට සංවිධානය කරන ‘සහිරා සුපර් 16’ ආරාධිත පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය ලබන ඔක්තෝබර් මස 17 වැනිදා එම විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට සමගාමීව සුපිරි කී‍්‍රඩකයන් සහභාගි වන සුපර් ස්ටාර්ස් තරගයක්ද පැවැත්ව්. හිටපු පාපන්දු කී‍්‍රඩකයන්ගෙන් සමන්විත ‘ඕල්ඞ් ස්ටාර්ස්’ කණ්ඩායමත් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන් සමන්විත ‘ක‍්‍රිකට් ස්ටාර්ස්’ කණ්ඩායමත් අතර මෙම සුපර් ස්ටාර්ස් තරගය පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු වටය කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ හතරක් යටතේ
පැවැත්වෙන අතර එහි ප‍්‍රතිඵල අනුව කුසලාන, පළඟ, බදුන සහ පළිහ යන ශූරතා සදහා තරගකරන කණ්ඩයම් තෝරා ගැනේ.

මෙවර නැගී එන පාසල් 8 ක් අතර තරගාවලියක් පවත්වා එහි ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ප‍්‍රධාන තරගාවලියට පැමිණිමේ අවස්ථාව හිමිව ඇති අතර එම පාසල ‘සී’ කාණ්ඩයේ සිවුවැනි කණ්ඩායම ලෙස තරගාවලියට සහභාගි වෙයි.

කුසලාන ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට කුසලාන සමගින් රුපියල් 50,000 ක ත්‍යාගයක් පිරිනැමේ. සෙසු ජයග‍්‍රහකයන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක් වෙන්කර ඇති බව සංවිධායකයෝ පවසති.

මෙවර තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස පිරමිඞ් විල්මර්ස් සමාගම කටයුතු කරයි.


තරගාවලියට සහභාගි වන පාසල්:

  • ‘ඒ’ කාණ්ඩය: මරදාන සහිරා විදුහල, කින්නියා අල් අක්සා විදුහල, වෙස්ලි විදුහල සහ කොළඹ රාජකීය විදුහල
  • ‘බී’ කාණ්ඩය: මරදාන ශාන්ත ජෝශප් විදුහල, කෑගල්ල ශාන්ත මරියා විදුහල, යාපනය පනිපායි හින්දු විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල
  • ‘සී’ කාණ්ඩය: කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල, කදාන ද මැසිනොද් විදුහල සහ නැගී එන කණ්ඩායම් තරගාවලියේ ශූරයෝ
  • ‘ඞී’ කාණ්ඩය: මීගමුව මාරිස්ටෙලා විදුහල, ගම්පහ සහිරා විදුහල, බදුල්ල අල් අදාන් විදුහල සහ කොළඹ හින්දු විදුහල

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පිරමිඞ් විල්මර්ස් සමාගමේ අධ්‍යක්‍ෂ හෂීම්  ඕමාර් මහතා විසින් සහිරා විදුහලේ විදුහල්පති ටී. මරික්කාර් මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් ප‍්‍රදානය කරන ලද අවස්ථාව.


අදහස් (0)

සහිරා සත් සාමාජික පාපන්දු තරග 17 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.