Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සහිරා - මහජන විදුහල් ශූරතා දිනයි

සහිරා - මහජන විදුහල් ශූරතා දිනයි

ශනුක අරවින්ද - 2016 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා වයස 15 න් පහළ ‘සමපෝෂ කුසලාන’ පාපන්දු තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ සහිරා විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. බාලිකා ශූරතාව යාපනය මහජන විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

පාසල් කණ්ඩායම් 31 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ බාලක අනුශූරතාව ත‍්‍රිකුණාමලය කින්නියා මහ විද්‍යාලය දිනාගත් අතර අනුරාධපුරය ශාන්ත ජෝශප් විද්‍යාලය එහි තෙවැනි ස්ථානය ලැබීය.

කුරුණෑගල කිවිසිගමුව ගාමිණී මහ විද්‍යාලය අනුශූරතාව දිනාගත් බාලිකා තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ කිලිනොච්චිය ශිව නගර් දෙමළ බාලිකා මහා විද්‍යාලය විසිනි. බාලිකා තරගාවලියට පාසල් කණ්ඩායම් 15 ක් සහභාගිවිය.

බාලක තරගාවලියේ දක්‍ෂතම ගෝල රකින්නා ලෙස කොළඹ සහිරා විද්‍යාලයේ එම්.ශකිර් ද, දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස එම විදුහලේම සාජිත් නවුෆර් ද සම්මාන ලැබුහ.

කුරුණෑගල කිවිසිගමුව ගාමිණී මහ විද්‍යාලයේ හේෂානි සෞම්‍යා ජයසුරිය දක්‍ෂතම ගෝල රකින්නිය ලෙස තේරී පත් වු අතර යාපනය මහජන විද්‍යාලයේ කේ. අර්චිකා දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

කොළඹ සහිරා විදුහල් කණ්ඩායම

 

යාපනය මහජන විදුහල් කණ්ඩායම

 

-090
    

 


අදහස් (0)

සහිරා - මහජන විදුහල් ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.