සහිරා ගෝල 4-3 කින් මැසිනොද් පරදවයි
ජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියේ මූලික වටය යටතේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයකදී ඉතා තියුණු සටනකින් අනතුරුව ගෝල 4-3 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහල පරාජය කිරීමට මරදාන සහිරා විදුහල සමත් විය.
එම තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට මැසිනොද් විදුහල සමත් වුවද, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 3 ක් ලබාගත් සහිරා විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ. මැසිනොද් විදුහලට දෙවැනි අර්ධයේදී ලබාගත හැකිවූයේ එක් ගෝලයක් පමණි.
මදරාන සහිරා විදුහලට අමතරව පළමු දින දෙකේදී (25 සහ 26) පැවැති මූලික වටයේ තරග වලදී ජයග්‍රහණ අත්කර ගැනීමට හමීඞ් අල් හුසේනි, හින්දු, ගම්පොල සහිරා සහ බම්බලපිටිය ශාන්ත පීතර යන විදුහල් සමත් විය.
එම තරගවලදී හමීඞ් අල් හුසේනි විදුහල හමුවේ කොළඹ ලුම්බිණි විදුහලද, හින්දු විදුහල හමුවේ කොළඹ ආනන්ද විදුහලද, ගම්පොල සහිරා විදුහල හමුවේ අල් බද්‍රියා විදුහලද, ශාන්ත පීතර විදුහල හමුවේ අල් මුබාරක් විදුහලද පරාජයට පත් විය.
මෙතෙක් පැවැති තරග වලදී ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට ශාන්ත පීතර විදුහලේ මොහොමඞ් ශබීර් සමත්ව ඇති අතර හමීඞ් අල් හුසේනි විදුහලේ මොහොමඞ් රිෂාන් සහ මොහොමඞ් අමාන් ගෝල 2 බැගින් ලබාගත්හ.
ඔක්ස්ෆර්ඞ් ව්‍යාපාර සමූහයේ අනුග්‍රහය යටතේ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, සංවිධානය කරන මෙම තරගාවලිය කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගණයේදී සහ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
තරග ප්‍රතිඵල
■ මරදාන සහිරා විදුහල විසින් ගෝල 4-3 ක් ලෙස කඳාන මැසිනොද් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල විසින් ගෝල 7-0 ක් ලෙස කොළඹ ලුම්බිණි විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ හින්දු විදුහල විසින් ගෝල 2-0 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදි.
■ ගම්පොල සහිරා විදුහල විසින් ගෝල 1-0 ක් ලෙස අල් බද්‍රියා විදුහල පරාජය කරන ලදි.
■ ශාන්ත පීතර විදුහල විසින් ගෝල 3-0 ක් ලෙස අල් මුබාරක් විදුහල පරාජය කරන ලදි.