Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football හමීඩ් අල් හුසේන් විදුහලට 2-1 ක ජයක්

හමීඩ් අල් හුසේන් විදුහලට 2-1 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ජනාධිපති කුසලාන’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී ගෝල 2-1 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කිරීමට කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල සමත් විය.

කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේ පස්වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට හමීඞ් අල් හුසේනි විදුහලේ මොහොමඞ් සජිඞ් සමත් විය. ඉන් මිනිත්තු 5 කට පසුව එනම් 10 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ ශාන්ත බෙනඩික් විදුහලේ නිෂෝන් දීනු, කණ්ඩායම් දෙකම සම තත්ත්වයකට ගෙන ආවේය.

කෙසේ වුවත් 43 වැනි මිනිත්තුවේදී හමීඞ් අල් හුසේනි විදුහල වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ අෆ්සාල් අහමඞ්, සිය කණ්ඩායමට ගෝල 2-1 ක ජයක් අත්කර දුන්නේය.

හමීඞ් අල් හුසේනි විදුහලේ 80’ කණ්ඩායම නමවැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා අරාධිත පාසල් කණ්ඩායම් 20 ක් සහභාගි වෙයි. කොළඹ ආනන්ද විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක, කොළඹ නාලන්දා විදුහල, කොළඹ රාජකීය විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, ගම්පොල සහිරා විදුහල සහ සත්කාරක කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

මෙහිදී මූලික වටයේ තරග 12 ක් පැවැත්වෙන අතර එම තරග වලදී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 11 සහ 12 යන දින වලදී පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ තරග 15 වැනිදාද, අවසන් මහ තරගය 22 වැනිදාද පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව, අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් වලට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට නියමිත අතර දක්‍ෂතම දැළ රකින්නාට, වැඩිම ගෝල ලබන ක්‍රීඩකයාට, වටිනාම ක්‍රීඩකයාට සහ ජනප්‍රියම ක්‍රීඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

 


අදහස් (0)

හමීඩ් අල් හුසේන් විදුහලට 2-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.