Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල ඊයේ (15 වැනිදා) සමත් විය.
කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගෝල 6-0 ක් ලෙස පුත්තලම සහිරා විදුහල පරාජය කරමින් හමීඞ් අල් හුසේනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ හමීඞ් අල් හුසේනි විදුහල් ක්‍රිඩකයෝ තරගය පුරා සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වූහ.
හමීඞ් අල් හුසේනි විදුහල වෙනුවෙන් 29 වැනි සහ 56 වැනි මිනිත්තු වලදී ගෝල 2 ක් ලබා ගැනීමට එම්. ආර්. සහන් සමත් වූ අතර එම්. එෆ්. අමන් 8 වැනි මිනිත්තුවේදීද, එම්. ඒ. රිෂාන් 11 වැනි මිනිත්තුවේදීද, ආර්. අබිසායන් 34 වැනි මිනිත්තුවේදීද, ඒම්. එම්. ආදිල් 56 වැනි මිනිත්තුවේදීද ගෝල ලබා ගත්හ.
හමීඞ් අල් හුසේනි විදුහලේ 1980 කණ්ඩායම නමවැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අයිඩියල්ස් ලංකා පුද්ගලික සමාගම කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.