Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබියේ රියාද් නුවරදී ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන අසියානු සමුළු වයස 16ක් පහළ පාපන්දු තරගාවලියේ කලාපීය සුදුසුකම් සපිරීමේ තරග වටය ඉලක්ක කරමින් දිවයින පුරා ආවරණය වන පරිදි කොළඹදී ලබන සෙනසුරාදා හා ඉරිදා (27 සහ 28) තේරීම් තරග මාලාවක් පැවැත්වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසන්නේ අදාළ දිනවලදී කළින් නිවේදනය කර තිබෙන පරිදි ඒ සඳහා නියමිත පළාත් හි ක්‍රීඩකයන්ට එම තේරීම් පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බවයි.
වයස 16 පහළ පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් මූලික වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සෞදි අරාබියාව, උස්බෙකිස්තානය, ජෝර්දානය හා බහරේන් රාජ්‍යය තරග වදියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.