Last Update  :  2025-03-12 19:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football 2025 දකුණු ආසියානු පාපන්දු තරග සත්කාරය ශ්‍රී ලංකාවට

2025 දකුණු ආසියානු පාපන්දු තරග සත්කාරය ශ්‍රී ලංකාවට

editorial - 2025 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2025 ට යෙදෙන 15 වැනි සාෆ් (දකුණු ආසියානු) ශූරතා පාපන්දු තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට පිරිණැමීමට නේපාලයේ කත්මන්දු නුවරට ඊයේ (11) රැස්වූ දකුණු ආසියානු  පාපන්දු සම්මේලනයේ  විධායක සභාව තීරණය කළේය. ඒ අනුව තරගාවලිය කලාපයේ රටවල් හතකගේ සහභාගිත්වයෙන් ලබන ජූනි මාසයේ කොළඹදී පැවැත්වීමට එහිදී තීරණය විය.

තරගාවලියේ තරග සැලැස්ම එළි දැක්වීම ලබන අප්‍රේල් 4 වැනිදා කොළඹ ෂැංගිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මහ සැසිවාරයට සමගාමිව සිදු කෙරේ.

මෙවර තරගාවලියේ සත්කාරය ලබා ගැනීමට ඉන්දියාව විශේෂයෙන්ම  උනන්දුව  සිටියේය. එහෙත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති හා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභික ජස්වර් උමාර් මහතා කත්මන්දු සමුළුවේදී කළ විශේෂ ඉල්ලීමට ඊට සහභාගිවී සිටි ඉන්දියාව ඇතුළුව සියළු රටවල සහයෝගය පළවීමෙන් මෙසේ වසර 17 කට පසුව ශ්‍රී ලංකාවට තරගාවලියේ සත්කාරය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට මාලදිවයින හා සම සත්කාරය දරමින් හත් වැනි (2008) සාෆ් පාපන්දු තරගාවලියේ සත්කාරය දරා තිබේ.

ඊයේ පැවැති කත්මන්දු සමුළුව ගැන අදහස් දැක්වූ ජස්වර් උමාර් මහතා වසර 2025 තරගාවලියේ සත්කාරය ඩොලර් මිලියනකට ආසන්න වියදමක් දැරෙන ව්‍යාපෘතියක් වන මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයයටද බලපෑමක් කෙරෙන අවස්ථාවක් බවට පත් වනු ඇතැයි ද පැවසීය.

1993 දී ආරම්භවූ සාෆ් ශූරතා පාපන්දු තරගාවලිය මේ දක්වා ශ්‍රී ලංකාව දිනා ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. ඒ 1995 කොළඹදී පැවැති දෙවැනි තරගාවලියයි. අවසන් වරට 2023 බැංගලෝරයේදී පැවැති 14 වැනි තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම පරාජයට පත්ව තිබේ.

මෙම තරගාවලියේ ශූරයන්ට ඩොලර් 50000 ක් ප්‍රදානය කෙරේ. කෙසේවූවත් මෙම තරගාවලිය පළමු වතාවට නව ලීග් තරග රටාවකට පැවැත්වීමට ගත් උත්සහය අත් හැර මෙවර පමණක් පැරණි තරග රටාවෙන්ම පැවැත්වීමට තීරණයවී තිබේ.

සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව  පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය, ඉන්දියාව මෙවර තරගාවලියට සහභාගි වෙති. ගිය වරද (2023) ඇතුළුව නව වාරයක්ම මෙම තරගාවලිය ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි.


අදහස් (0)

2025 දකුණු ආසියානු පාපන්දු තරග සත්කාරය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.