Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අවසන් පූර්ව වටය 15 වැනිදා

අවසන් පූර්ව වටය 15 වැනිදා

ශනුක අරවින්ද - 2017 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා, පුත්තලම සහිරා සහ කොළඹ හමීඞ් අල් හුසේනි යන විදුහල් අද (12 වැනිදා) සමත් විය.

කොළඹ සිටි ලීග කී‍්‍රඩාංගණයේදී පැවැති පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරමින් මාරිස්ටෙලා විදුහලද, කොළඹ ලූම්බිණි විදුහල පරාජය කරමින් සහිරා විදුහලද, කොළඹ නාලන්දා විදුහල පරාජය කරමින් හමීඞ් අල් හුසේනි විදුහලද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරගයක් ඊයේ (11 වැනිදා) පැවත්වුණ අතර එහිදී කළුතර සිරිකුරුස විදුහල පරාජය කළ කඳාන ද මැසිනොද් විදුහල අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් හිමිකර ගත්තේය.

ඒ අනුව 15 වැනිදා පස්වරු 2.30 ට ආරම්භ වන පළමු අවසන් පූර්ව තරගයේදී මැසිනොද් විදුහලට එරෙහිව මාරිස්ටෙලා විදුහල තරග වැදීමට නියමිත අතර පස්වරු 4.00 ට ආරම්භ වන දෙවැනි අවසන් පූර්ව තරගයේදී සහිරා විදුහලට එරෙහිව හමීඞ් අල් හුසේනි විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහ තරගය 22 වැනිදා පස්වරු 4.00 සිට කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගයේ සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

හමීඞ් අල් හුසේනි විදුහලේ 1980 කණ්ඩායම නමවැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස අයිඩියල්ස් ලංකා පුද්ගලික සමාගම කටයුතු කරයි.

අද (12) පැවැති අර්ධ අවසන් පූර්ව තරග සහ ගෝල ලබාගත් කී‍්‍රඩකයෝ

මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් දඬුවම් පහර 3-2 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.

  • ජේ. ටී. එස්. ප‍්‍රනාන්දු (මාරිස්ටෙලා විදුහල) - 3 වැනි මිනිත්තුවේදී
  • මොහොමඞ් ශබීර් (ශාන්ත පීතර විදුහල) - 50 වැනි මිනිත්තුවේදී

පුත්තලම සහිරා විදුහල විසින් ගෝල 4-3 ක් ලෙස කොළඹ ලූම්බිණි විදුහල පරාජය කරන ලදි.

  • ජේ. එම්. ජහීර් (සහිරා විදුහල) - 13 වැනි සහ 46 වැනි මිනිත්තු වලදී
  • මොහොමඞ් මුසකීර් (සහිරා විදුහල) - 15 වැනි සහ 40 වැනි මිනිත්තු වලදී
  • ජේ. ඒ. එල්. තනුජය (ලූම්බිණි විදුහල) - 26 වැනි සහ 31 වැනි මිනිත්තු වලදී
  • මුහම්මද් ෆාහද් (ලූම්බිණි විදුහල) - 27 වැනි මිනිත්තුවේදී

කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදි.

  • කේ. එම්. ෆාසිල් (හමීඞ් අල් හුසේනි විදුහල) - 9 වැනි මිනිත්තුවේදී
  • ඒ. ජී. එම්. සජිඞ් (හමීඞ් අල් හුසේනි විදුහල) - 22 වැනි සහ 35 වැනි මිනිත්තු වලදී
  • එස්. අබිශයාන් (හමීඞ් අල් හුසේනි විදුහල) - 47 වැනි මිනිත්තුවේදී

 


අදහස් (0)

අවසන් පූර්ව වටය 15 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.