Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට කොළඹ ආනන්ද, මීගමුව මාරිස්ටෙලා, කඳාන ද මැසිනොද් සහ කොළඹ නාලන්දා විදුහල් සමත් විය.
අද පැවැති තරගවලදී ඉහළම ජයග්රහණය වාර්තා කිරීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් වූ අතර ඒ ගෝල 5-0 කින් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරමිනි. එහිදී තත්සර ප්රනාන්දු (පළමු මිනිත්තුවේදී), නිසල් ද සිල්වා (18 වැනි මිනිත්තුවේදී), අංජන ගුණවර්ධන (38 වැනි මිනිත්තුවේදී), මොහොමඞ් සාජිඞ් (51 වැනි මිනිත්තුවේදී) සහ කනිෂ්ක ද සිල්වා (60 වැනි මිනිත්තුවේදී) මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් ගෝල ලබාගත්හ.
මල්වාන අල් මුබාරක් මැදි විදුහලට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ආනන්ද විදුහල සමත් වූ අතර ආනන්ද විදුහල වෙනුවෙන් වාර්තා වූ ගෝල 2 ටම හිමිකම් කීමට සචින්ද රත්නායක සමත් විය. තරගයේ 37 වැනි මිනිත්තුවේදී සහ 45 වැනි මිනිත්තුවේදී ඔහු එම ගෝල ලබාගත්තේය.
ඉතා තියුණු මුහුණුවරක් ගත් කඳාන ද මැසිනොද් විදුහල සහ කළුතර මුස්ලිම් මැදි විදුහල අතර පැවැති තරගයේ නියමිත වේලාව අවසන් වන විට දෙපිලම ගෝල 1-1 ලෙස සම තත්ත්වයේ පසු විය. ඒ අනුව තරගයේ ජයග්රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්රියාත්මක වූ අතර එහිදී දඬුවම් පහර 6-5 ක් ලෙස ජය අත්කර ගැනීමට කඳාන ද මැසිනොද් විදුහල් ක්රීඩකයෝ සමත් වූහ.
අද පැවැති අවසන් තරගයේදී ගෝල 4-0 ක් ලෙස බම්බලපිටිය හින්දු විදුහල පරාජය කිරීමට කොළඹ නාලන්දා විදුහල සමත් විය. නාලන්ද විදුහල වෙනුවෙන් අවිෂ්ක නිපුල් ගෝල 2 ක් (18 වැනි මිනිත්තුවේදී සහ 32 වැනි මිනිත්තුවේදී) ලබාගත් අතර සෙලරු දීමන්ත (45 වැනි මිනිත්තුවේදී) සහ විෂාන් හංසජ (51 වැනි මිනිත්තුවේදී) ගෝලය බැගින් ලබාගත්හ.
දෙවැනි දිනයේදී පැවැති තරග
■ කොළඹ ආනන්ද විදුහල විසින් ගෝල 2-0 කින් මල්වාන අල් මුබාරක් මැදි විදුහල පරාජය කරන ලදි.
■ මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ගෝල 5-0 කින් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
■ කඳාන ද මැසිනොද් විදුහල විසින් දඬුවම් පහර 6-5 කින් කළුතර මුස්ලිම් මැදි විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ නාලන්දා විදුහල විසින් ගෝල 4-0 කින් බම්බලපිටිය හින්දු විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.