Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ, බැද්දගානේ කෘත්‍රිම තණ තීරුව සහිත පාපන්දු පිටියේ ආරක්ෂිත වැට කඩිනමින් ඉදිකිරීම සඳහා පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව එහි සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.
මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළුවේ විශේෂ රැස්වීමකට සහභාගිවීම සඳහා එහි ගොස් සිටින අනුර ද සිල්වා මහතාගෙන් “ලංකාදීප” ය අද (26) කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවැසීය. ඒ පිළිබඳව ඒ මහතා මෙසේද පැවැසීය.
“බැද්දගාන කෘත්‍රිම තණ තීරුව ඇතිරීමේ ව්‍යාපෘතියට ආරක්ෂිත වැටක් ඇතුළත් වෙලා නෑ. නමුත් එහි ඉංජිනේරුවරයා අපට දැනුම්දීලා කිව්වා අවට ප්‍රදේශයේ සත්තු මේ ක්‍රීඩාංගණයට ඇතුල් වෙලා තණ තිරුවට හානි කරන්න ඉඩකඩ තිබෙනවා කියලා”
“ඒ නිසා මේ ව්‍යාපෘතියට ආරක්ෂිත වැටක් ඇතුළත් කරන්න අපි තීරණය කළා. මෙහෙම දෙයක් වුණේ ඒක ව්‍යාපෘතියට හදිසියේ ඇතුළත් කළ දෙයක් වීම නිසයි”
“පසුගිය විධායක සභා රැස්වීමට එය යෝජනා කර අනුමැතිය ගන්න හිටියත් ඒ දේ කර ගන්න බැරිවුණ නිසයි මේ ගැටලුව ඇතිවුණේ. ඒ හැරෙන්න සමහරු කියන ආකාරයෙන් මෙතනදී ටෙන්ඩර් උල්ලංඝනය කිරීමක් වෙලා නෑ. ඒ නිසා දැන් අපි එය විධායක සභාවට ඉදිරිපත් කරන්න කටයුතු කරලා තිබෙනවා” යයිද අනුර ද සිල්වා මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.