Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආසියානු පාපන්දු සමුළුවේ විගණන කමිටුවට රංජිත් පත්වෙයි

ආසියානු පාපන්දු සමුළුවේ විගණන කමිටුවට රංජිත් පත්වෙයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පාපන්දු සමුළුවේ විගණන කමිටුවේ  සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මූල්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ඊයේ (08) සිට පත්කර තිබේ.

මේ වනවිට දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයකු ලෙසත් කටයුතු කරන ඒ මහතා, අන්තර් ජාතික පාපන්දු සමුළුවේ ජාතික සම්මේලන කමිටුවේ සභිකයකු ලෙසත් කටයුතු කළේය. නොබෝදා එම ධුරය ශ්‍රී ලංකා පාපන්දු සමුළුවේ වත්මන් සභාපති  අනුර ද සිල්වා මහතාට ලෝක පාපන්දු සමුළුවේ අනුමැතියෙන් ප‍්‍රදානය කළේය.

නවදිල්ලි නුවරදී ලබන 28 වැනිදා පැවත්වෙන ආසියානු සමුළු පාපන්දු සම්මාන ප‍්‍රදානෝත්සවයේත් ජපානයේ ටෝකියෝහිදී ලබන දෙසැම්බර් 20 වැනිදා පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රීඩා සමාජ පාපන්දු අවසන් මහ තරගයේත් විශේෂ ආරාධිතයකු ලෙස රංජිත් රුද්‍රිගු මහතා ඇරියුම් ලබා සිටියි.

විගණන කමිටුව ආසියානු පාපන්දු සමුළුවේ මූල්‍යමය  කටයුතු මෙහෙයවන එමෙන්ම සාමාජික රටවල මුල්‍යමය අක‍්‍රමිකතා සොයා බැලෙන බලතල රැසකින් සමන්විත ප‍්‍රබල කමිටුවකි.

 


අදහස් (0)

ආසියානු පාපන්දු සමුළුවේ විගණන කමිටුවට රංජිත් පත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.