Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඇල්ජීරියාවට වාර්තාගත ජයක්

ඇල්ජීරියාවට වාර්තාගත ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාර්තා පිට වාර්තා තබමින් ගෝල් 4-2 කින් දකුණු කොරියාව පරාජය කළ ඇල්ජීරියාව අවසන් කණ්ඩායම් 16 අතරට යාමේ බලාපොරොත්තුව තව දුරටත් රඳවා තබාගත්තේය. එය ලෝක කුසලාන පාපන්දු තරගබිමේ වසර 32 කට පසුව ඇල්ජීරියාව වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාස ගතවිය.

ඒ අතරවාරයේදී ලෝක කුසලාන පාපන්දු තරගයක ගෝල 4ක් වාර්තාකළ පළමු අප්‍රිකානු රට ලෙස ද ඇල්ජීරියාව වාර්තාපොතට එක්විය.

.එච්. කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය පෝර්ටෝ ඇලග්‍රිහි බේරා රියෝ ක්‍රීඩාංගණයේ පැවැත්විණ. තරගයේදී පළමු භාගයේ හා දෙවැනි භාගයේ ගෝල් තුන බැගින් වාර්තා විය. එබැවින් තරගය පුරාම දෙපිල අතර මෙන්ම ක්‍රීඩාලෝලීන් අතර ද පැවැතියේ දැඩි උද්යෝගයකි.

තරගය ඇරැඹුණේ තරගයේ 4 වැනි මිනිත්තුවේ සිටයග දඬුවම් පහරට ලක්වන දකුණු කොරියානු කලාපයේ දී ඇල්ජීරියාවේ සොෆානී ෆෙගෝලි බිම ඇද වැටුණේ ප්‍රතිවාදී ක්‍රීඩක කිම්ගේ මතභේදාත්මක බාධා කිරිමකිනි. දඩුවම් පහරක් ඉල්ලා ඇල්ජීරියානු ක්‍රීඩකයන් කළ දැඩි ඉල්ලීම විනිසුරු තරයේම ප්‍රතික්ෂේප කළ අතර පසුව 9 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබාගැනීමේ අවස්ථාවක් ඇල්ජීරියාව වෙතින් මඟ හැරී ගියේය.

තරගයේ 26 වැනි මිනිත්තුවේ දී ඇල්ජීරියාව තරගයේ පළමු ගෝලය ලබාගත්තේය. කාර්ල් මෙඩියානී පිරිනැමූ පන්දුව ස්ලිමානි විසින් ඉතා සාර්ථකව ගෝලයක් බවට පත්කරනු ලැබීමෙන් 1-0 කින් පෙරමුණ ගැනිමට ඇල්ජීරියාව සමත්විය. ඇල්ජීරියාවේ දෙවැනි ගෝලය වාර්තාවුයේ ඊට මිනිත්තු දෙකකට පසුව රෆික් හැලිචේ විසින් කෝනර් පහරකින් යොමු කරන ලද පන්දුවට ෆුල්හැම් හිසෙන් ගැසූ  වේගවත් පහරකිනි. එය නතර කිරීමට දකුණු කොරියාවේ දැල් රකින්නා වන ජං සං යොංට හැකිවූයේ නැත.

පළමු භාගය නිමාවීමට පෙර තවත් ගෝලයක් රැස් කළ ඇල්ජීරියාව 3-0කින් පෙරමුණ ගත්තේය. එම ගෝලය වාර්තා වුයේ 38 වැනි මිනිත්තුවේ මෙඩ්ජනිගෙන් ලැබුණු පන්දුව ස්ලිමානි විසින් සාර්ථකව ඩ්ජාබෝ වෙත යොමුකරනු ලැබීමෙන්ය.
 
ඩ්ජාබෝ කිසිදු අපහසුවකින් තොරව එය ගෝලයක් බවට පත්කළේය. පළමු භාගය පුරා ඇල්ජීරියාවේ තේරුම් ගත නොහැකි ක්‍රීඩා විලාශයෙන් අන්දමන්දව සිටි දකුණු කොරියාවට දෙවැනි භාගයේ (50 වැනි මිනිත්තුවේ) ගෝලයක් අත්කර දීමට සොන් හියුං මින් සමත්විය. අනතුරුව 63 වැනි මිනිත්තුවේ දී ඇල්ජීරියාව තම සිවුවැනි ගෝලයත් ලබාගනිමින් දකුණු කොරියාව දැඩි පීඩනයකට ඇද දැමුවේය. එය වාර්තා කරන ලද්දේ යැසින් බ්‍රහිමි විසිනි.
 
ඒ අනුව ඇල්ජීරියාව දකුණු කොරියාවට වඩා ගෝල 3කින් ඉදිරියෙන් පසුවිය. 72 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියාවේ දෙවැනි ගෝලය වාර්තා වියග ලී කුං හෝ ගේ පන්දු පිරිනැමීම සාර්ථක කරගනිමින් එය රැස් කළේ කූ ජා චොල්යග එහෙත් ඇල්ජීරියාවේ වාර්තාගත ජයග්‍රහණයට ඉන් කිසිදු බලපෑමක් එල්ලවූයේ නැත.

 


අදහස් (0)

ඇල්ජීරියාවට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.