Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football එංගලන්තය දඬුවම් පහරින් අවසන් පූර්ව වටයට
යූරෝ පාපන්දු - 2024

එංගලන්තය දඬුවම් පහරින් අවසන් පූර්ව වටයට

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජර්මනියේදී පැවැත්වෙන යූරෝ - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ස්විට්සර්ලන්තයට එරෙහිව දඬුවම් පහර 5-3 ක් ලෙස ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය ඊයේ (6 වැනිදා) සමත් විය.

ඩසල්ඩෝෆ් නුවර මකුර් ස්පිල් ඇරීනා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ නියමිත කාලය නිමාවට පත්වන විට දෙපිලම ගෝලය බැගින් ලබා සිටියේය. 75 වැනි විනාඩියේදී බ්‍රෙල් එම්බ්ලෝ ස්විට්සර්ලන්තය වෙනුවෙන්ද, 80 වැනි විනාඩියේදී බුකායෝ සාකා එංගලන්තය වෙනුවෙන්ද එම ගෝල ලබාගත්හ.  

දඬුවම් පහර කරා යෑමට පෙර විනාඩි 30 ක අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවන් පියවර ගත්තද, එහිදී ගෝල සංඛ්‍යාවේ කිසිදු වෙනසක් කිරීමට දෙපිලේ ක්‍රීඩකයෝ අසමත් වූහ. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කිරීමට විනිසුරුවන්ට සිදුවූහ. 

පළමු දඬුවම් පහර සාර්ථක කරගත් කෝල් පල්මර් එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. කෙසේ වුවත් ස්විට්සර්ලන්තය වෙනුවෙන් පළමු දඬුවම් සාර්ථක කර ගැනීමට මැනුවෙල් අකාන්ජි අපොහොසත් වීමත් සමග 1-0 ක් ලෙස එංගලන්තය තරගයේ පෙරමුණ ගත්තේය. 

දෙවැනි වටයේදී ජූඞ් බෙලිංහැම් (එංගලන්තය) සහ ෆේබියන් ස්චාර් (ස්විට්සර්ලන්තය) ද, තෙවැනි වටයේදී බුකායfා් සාකා (එංගලන්තය) සහ සෙහාඩන් ශකිරි (ස්විට්සර්ලන්තය) ද, සිවුවැනි වටයේදී ඉවාන් ටොනී (එංගලන්තය) සහ සෙකී ඇම්ඩූනි (ස්විට්සර්ලන්තය) ද දඬුවම් පහර සාර්ථක කරගැනීමට සමත් වූහ. 

කෙසේ වුවත් පස්වැනි දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ටේ‍රන්ට් ඇලෙක්සැන්ඩර් සමත් වීමත් සමග දඬුවම් පහර 5-3 ක් ලෙස තරගයේ ජය එංගලන්තයට හිමිවිය. එංගලන්තයේ හැරී කේන් 67 වැනි විනාඩියේදීද, ස්විට්සර්ලන්තයේ ෆේබියන් ස්චාර් සහ සිල්වාන් විඞ්මර් පිළිවෙලින් 32 වැනි සහ 85 වැනි විනාඩිවලදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. 

- 036 


අදහස් (0)

එංගලන්තය දඬුවම් පහරින් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.