Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලබන නොවැම්බර් මස 3 වැනිදා යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය 3 වැනිදා පස්වරු 5.00 ට ආරම්භ වන අතර ඉකුත් වසරේ ශූරයන් වූ යාපනය ශාන්ත හෙන්ඩි්‍රක් විදුහල සහ අනුශූරයන් වූ මරදාන සහිරා විදුහල අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.
අවසන් මහ තරගය 5 වැනිදා පස්වරු 7.00 ට පැවැත්වෙන අතර මෙම සියලුම තරග විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.
දිවයින පුරා ප්‍රධාන පෙළේ පාසල් පාපන්දු කණ්ඩායම් 24 ක් මෙම තරගාවලියට සහභාගි වූ අතර ඉන් යාපනය ප්‍රදේශයේ පාසල් 2 ක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම නිසා අවසන් තරග යාපනයේදී පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
අර්ධ අවසන් පූර්ව වටයේදී මීගමුව මාරිස්ටෙලා විදුහල ගෝල 2-0 කින් පරාජය කරමින් ශාන්ත හෙන්ඩි්‍රක් විදුහලද, කළුතර සිරි කුරුස විදුහල ගෝල 5-2 කින් පරාජය කරමින් ශාන්ත ජෝෂප් වාස් විදුහලද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ශාන්ත පැටි්‍රක් විදුහල සහ සහිරා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙළින් ගෝල 3-1 ක් ලෙස කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලද, ගෝල 4-1 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහලද පරාජය කරමිනි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.