Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය පළමු තරගයේදීම ගෝල 3-0 ක් ලෙසින් ග‍්‍රීසිය පරාජය කරමින් වසර 12 කට පසුව ලෝක කුසලාන තරගාවලියට එක්වූ කොලාම්බියානු කණ්ඩායම තමන් ලද අවස්ථාව අනගි සැමරුමක් බවට පත්කරගත්තේය.
මෙම තරගය ඊයේ (14 වැනිදා) බ‍්‍රසීලයේ බෙලෝ හොරිසොන්තේහිදී පැවැත්විණග කොලොම්බියානු කණ්ඩායම මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ තමන්ගේ ප‍්‍රබලතම ප‍්‍රහාරකයා වන රද්මායෙල් ෆැල්කෝගේ සේවයද නොමැතිවය.
තරගයේ 5 වැනි විනාඩියේදී පැබ්ලෝ අමීරියෝ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර 58 වැනි විනාඩියේදී තෙෆිලෝ ගයිටරස් තවත් ගෝලයක් ලබාගනිමින් තරගයේ වාසිය වැඩිකරගත්තේයග ජේම්ස් රොඞ්රිගුවස්ගේ තුන්වැනි ගෝලයත් සමගින් කොලොම්බියානු ජය තහවුරු විය.
බෙලෝ හොරිසොන්තේ නගරයේදී පැවැති මෙම තරගයිසී’ කාණ්ඩයේ පළමු තරගය වූ අතර එයින් පැහැදිළි වූයේ රද්මායෙල් ෆැල්කෝ තුවාල ලබා සිටියද කොලොම්බියානු කණ්ඩායම පිළිබඳව සෙසු කණ්ඩායම් විමසිල්ලෙන් සිටිය යුතු බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.