Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ පිල 3-0 කින් ජයගනී

කොළඹ පිල 3-0 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ක‍්‍රීඩා සමාජය සහ ජාවලේන් ක‍්‍රීඩා සමාජය අතර කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති ශූරයන්ගේ කුසලාන ‘ඩයලොග්’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට වටයේ තරගයෙන් කොළඹ ක‍්‍රීඩා සමාජය ගෝල 3/0 ක පහසු ජයක් ලැබීය.

තරගයේ 22 මිනිත්තුවේ දී ගෝලයක් ලබාගත් කොළඹ ක‍්‍රීඩා සමාජයේ ටී. එෆ්. බී. දිමිත‍්‍රි තවත් විනාඩි හතරක් ගෙවී යද්දී එනම් 26 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලයත් ලබා ගැනීම කැපී පෙනේ. එම්. ජොහාර් තරගයේ 45 වැනි මිනිත්තුවේදී ගෝලය ලබා ගත්තේය.

රිනවුන් පිල සහ ගුවන් හමුදා පිල අතර සුගතදාස පිටියේදී පැවැති සුපිරි අට වටයේ තරගය විසදුමකින් තොරව අවසන්විය. තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල ලබාගැනීමට අපොහොසත් වූහ.


- 090


අදහස් (0)

කොළඹ පිල 3-0 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.