Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ ප‍්‍රබලතම පාපන්දු ක‍්‍රීඩා සමාජ හතරක් ගැටෙන කොළඹ සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද සහ හෙට (9-10) කොළඹ මැලේ වීදිය සිටි ලීග් පිටියේ දී පැවැත්වේ.
අද පැවැත්වෙන කොළඹ කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර තරගය වඩාත් තීරණාත්මක වන්නේ එය ජය ගැනීමට සමත්වුවහොත් කොළඹ කණ්ඩායමට ලබන අපේ‍්‍රල් 30 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ප‍්‍රවේශවීමට එය ප‍්‍රමාණවත් වන බැවිනි.
තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගයේ දී කොළඹ කණ්ඩායම විසින් රිනවුන් කණ්ඩායම ගෝල 3-0 කට පරාජය කිරීමට සමත්වීම නිසා කොළඹ කණ්ඩායමට අද තරගය ජය ගැනීම අවසන් මහ තරගයට පිවිසීමට ප‍්‍රමාණවත් වනු ඇත.
සෝන්ඩර්ස් කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර තරගය ජයපරාජයෙන් තොරව (0-0) අවසන් විය. ඒ අනුව හෙට පැවැත්වීමට නියමිත රිනවුන් කණ්ඩායම හා ජාවාලේන් කණ්ඩායම අතර තරගයේ තීරණය ද එම දෙපිලටම තරගාවලියේ ඉදිරියට යාම පිළිබඳව සිතා බැලීමට ලැබෙන අවස්ථාවක් වනු ඇත.
මෙම ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට පෙර අපේ‍්‍රල් 23 හා 24 යන දිනවල කොළඹ කණ්ඩායම හා ජාවාලේන් කණ්ඩායම අතර ද සෝන්ඩර්ස් කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර ද තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
දිවයිනේ වැඩිම ක‍්‍රීඩා සමාජ ගණනක් නියෝජනය කරන කොළඹ සිටි ලීගය සංවිධානය කරන මෙම තරගාවලියේ ශූරයන්ට රුපියල් 150000 ක් හා අනුශූරයන්ට රුපියල් ලක්‍ෂයක් ප‍්‍රදානය කෙරේ.
මෙම තරගාවලියට සහභාගි වන කොළඹ කණ්ඩායම පැවති ශූරයන්ගේ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේ ශූරතාව (2015) දිනා ගත් කණ්ඩායමයි.
රිනවුන් කණ්ඩායම මීට පෙර ප‍්‍රධානතම තරගාවලිය ජයගත් කණ්ඩායමක් වන අතර තරගාවලියට සහභාගි වන මෙම කණ්ඩායම් හතරට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වසරේ මෙහෙය වන ප‍්‍රධානතම (ප‍්‍රිමියර්) තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් වෙයි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.