Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජාවා ලේන් පිලට ජයග‍්‍රාහී ආරම්භයක්

ජාවා ලේන් පිලට ජයග‍්‍රාහී ආරම්භයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පළමු වටය යටතේ සහභාගි වූ ප‍්‍රථම තරගයේදීම ජාවා ලේන් කණ්ඩායම විසින් තිහාරිය යූත් කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක ජයක් ලැබීමට සමත් විය.

ජාවාලේන් කණ්ඩායම සත්කාරකත්වය දරමින් පැවැති මෙම තරගයේ 20 වැනි මිනිත්තුවේදී ජාවා ලේන් කණ්ඩායමේ රිස්කන් විසින් සර්වාන් ජොහාර්ට පන්දුව යැවීමත් සමග ඔහු පළමු ගෝලය වාර්තා කිරිමට සමත් විය. දඩුවම් පහරක් මගින් තිහාරිය කණ්ඩායමද පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිළම ගෝල 1-1 ක් ලෙස සමතැන් ගැනීමට සමත් විය.

තරගයේ දෙවැනි භාගයේදී වේගවත් ක‍්‍රීඩා විලාශයක නියැලූන ජාවා ලේන් කණ්ඩායමේ නාලක පෙරේරා 60 වැනි මිනිත්තුවේදී සහ තරග අවසන් වීමට මිනිත්තු 10 කට පෙර මොහොමඞ් අලීම් ලබාගත් ගෝල ද්විත්වය හේතුවෙන් ගෝල් 3-2 ක් ලෙස තරගය ජය ගැනීමට ජාවාලේන් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

අප්කන්ටි‍්‍ර ලයන්ස් සහ පොලිසිය අතර නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට අප්කන්ටි‍්‍ර කණ්ඩායම සමත් විය. ඒ අනූව සහභාගි පළමු තරගයම ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු 3 ක් හිමි කර ගැනීමට අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායම සමත් විය.

මේ අතර සෝන්ඩර්ස් සහ රිනවුන් අතර තරගය ගෝල් රහිතව ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර යුද හමුදාව සහ පෙලිකන්ස් අතර තරගය ගෝල් 1-1 වශයෙන් ජය පරාජයෙන් තොරව නිමාවිය.

තරග ප‍්‍රතිඵල
අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල විසින් පොලිසිය පරාජය කරන ලදි - (2-1)
ජාවා ලේන් පිල විසින් තිහාරිය යූත් - පිල පරාජය කරන ලදි (3-1)
කොළඹ පාපන්දු කී‍්‍රඩා සමාජය විසින් නන්දිමිත‍්‍ර කී‍්‍රඩා සමාජ පිල පරාජය කරන ලදි (2-1)
සොලිඞ් කී‍්‍රඩා සමාජය විසින් ක‍්‍රිස්ටල් පැලස් -පිල පරාජය කරන ලදි (2-0)
නාවික හමුදාව විසින් යුද හමුදාව පරාජය කරන ලදි - (2-1)
සෝන්ඩර්ස් පිල සහ රිනවුන් කී‍්‍රඩා සමාජය අතර තරගය විසඳුමකින් තොරයි (0-0)
ගුවන් හමුදාව සහ පෙලිකන්ස් -පිල අතර තරගය විසඳුමකින් තොරයි (1-1)


අදහස් (0)

ජාවා ලේන් පිලට ජයග‍්‍රාහී ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.