Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජූලි 1 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අද (6) පස්වරු 4.00 ට අවසන් වීමෙන් පසුව එහි තනතුරු 10 ක් සඳහා නාමයෝජනා 62 ක් ලැබී තිබුණු බව වාර්තා වේ. පාපන්දු සම්මේලනයේ එදා මෙදා තුර නිලවරණයක් සඳහා නාමයෝජනා වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත්වූ පළමු අවස්ථාව මෙය වන බව එම සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී සභාපතිධුරය සඳහා නාමයෝජනා හයක් ඉදිරිපත්වී තිබුණි. වත්මන් සභාපති අනුර ද සිල්වා, හිටපු සභාපති රංජිත් රුද්‍රිගු, වත්මන් උප සභාපතිවරුන් වන කේ.පී.පී. පතිරණ, නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ, පාපන්දු සම්මේලනයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකුවන රුක්මාල් පෙරේරා හා එහි හිටපු තාක්ෂණික අධ්‍යක්ෂ වරයෙකු වන දෙමෝදර චන්ද්‍රසිරි යන මහත්වරු සභාපති තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.
ප්‍රධාන ලේකම් ධුරය සඳහා වත්මන් අලෙවි කමිටුවේ සභාපති ටේරවෝ රෙකමන්, වත්මන් ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී, වත්මන් විධායක නිලධාරී යූ.එල්. ජයවීර, එම්.එස්.එම්. ෆායිස්, සුනිල් සෙනවීර හා උපාලි හේවගේ යන මහත්වරු නාමයෝජනා බාරදී තිබේ.
ජයසිංහ මෙන්ඩිස්, එස්.පී.එම්. අසාර්, ටිරෝන් ප්‍රනාන්දු හා එම්. ෆස්ලාන් යන මහත්වරු භාණ්ඩාගාරික ධුරය සඳහා ඊයේ නාමයෝජනා ඉදිරිපත්කර සිටි අතර උපසභාපති ධුරය සඳහා නාමයෝජනා 14 ක් ද උපලේකම් තනතුරු දෙක සඳහා නාමයෝජනා හතක්ද හා උප භාණ්ඩාගාරික ධුරය සඳහා නාමයෝජනා තුනක්ද ඉදිරිපත්ව තිබූ බව වාර්තා වේ.
ජුලි 01 වැනිදා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණත් ඊයේ වන විටත් ඒ සඳහා අනිවාර්ය කර තිබෙන විගණන වාර්තා අනුමතවී නොතිබුණු බව ද පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.