Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football තරුණයන්ට හෙටක් හදන්න බි‍්‍රතාන්‍ය කවුන්සිලය ඇවිත්

තරුණයන්ට හෙටක් හදන්න බි‍්‍රතාන්‍ය කවුන්සිලය ඇවිත්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බි‍්‍රතාන්‍ය කවුන්සිලය නවතම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලෙස ”වඩා යහපත් හෙට දවසක් උදෙසා සමාජ විපර්යාසයක් වෙනුවෙන් ක‍්‍රීඩාව” නමින් වැඩසටහනක් අරඹා ඇත.

මෙම වැඩසටහනේ අරමුණු වන්නේ බොරැල්ල (වනාතමුල්ල) ප‍්‍රදේශයේ තරුණ තරුණියන් අතර ක‍්‍රීඩාව අවශ්‍ය අංගයක් බවට පත්කිරීමත්, සමාජීය සීමා මායිම් බිඳ දැමීමත්, සමානාත්මතාවය, විවිධත්වය සහ සහභාගීත්වය තුළින් සාමය සහ එකමුතුකම ගොඩනැංවීමත්ය.

මෙම වැඩසටහන දැනට බි‍්‍රතාන්‍ය කවුන්සිලය විසින් පකිස්තානය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය රටවල ක‍්‍රියාත්මක කරගෙන යයි.

සමාජමය බාධක සහ වෙන්කිරීම් බිඳ දැමීම, සමාජ කණ්ඩායම් අතර අන්තර් අවබෝධතාවය සහ විවිධත්වය අගය කිරීම සඳහා වූ උපේක්ෂාව වර්ධනය කිරීම මෙන්ම ගැටුම් වළක්වා ගැනීම, ශාරීරික යෝග්‍යතාව, මානසික යෝග්‍යතාව සහ සමාජ අන්තර් ක‍්‍රියාකාරීත්වය උදෙසා ක‍්‍රීඩාව යොදාගැනීම පිළිබඳව මෙහිදී තරුණයන්ට උපදෙස් ලබාදෙනු ඇත.

පුද්ගල සංවර්ධනය උදෙසා ක‍්‍රීඩාව හරහා සමාජ ක‍්‍රියාකාරී ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමෙන් විනය පිළිබඳ හර පද්ධතීන්, සමාජමය සංවර්ධනය සහ ප‍්‍රජා/සමාජීය එ්කාබද්ධතාවය සඳහා වු පුද්ගල ගරුත්වය හා සහයෝගීතාවයත් යන ගුණධර්ම වැඩිදියුණු කිරීමටද මේ මගින් සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

එමෙන්ම ක‍්‍රීඩාශීලීත්වය, එක්සත් බව සහ ජයග‍්‍රහණය උදෙසා තරගකිරීමත්, ප‍්‍රජාවන් අතර තරග පැවැත්වීමත්, දේශීය හා කලාපීය වශයෙන් ප‍්‍රදර්ශන තරග පැවැත්වීමත් සිදුකෙරේ.

වැඩසටහනේ සාර්ථකත්වය තහවුරු කිරීම සඳහා එහි උපායමාර්ගික හවුල්කරුවන් වන එක්සත් රාජධානියේ ක‍්‍රියාකාරී ප‍්‍රජා ජාලය, දේශීය හවුල්කරුවන් වන ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සහ ශී‍්‍ර ලංකා යුනයිට්ස් සංවිධාන සමග ඉතා සමීපව කටයුතු කිරීමට බි‍්‍රතාන්‍ය කවුන්සිලය බලාපෙරොත්තු වේ.

මෙම ව්‍යාපෘතිය බොරැල්ල ප‍්‍රදේශයේ වයස 11 ත් 18 ත් අතර පාසල් යන සහ ප‍්‍රජා තරුණයන් ඉලක්ක කරගෙන වනාතමුල්ල එම්. එච්. මොහොමඞ් ක‍්‍රීඩාංගණයෙහිදී ආරම්භ විය.


- 036

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

තරුණයන්ට හෙටක් හදන්න බි‍්‍රතාන්‍ය කවුන්සිලය ඇවිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.