Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය (2017-21) සඳහා ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා සම්බන්ධ විරෝධතා විමර්ශනය තවදුරටත් ඇදී යන තත්ත්වයක් තුළ එය ලබන ජූලි 1 වනිදා පැවැත්වීම ඊයේ (13) වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙමින් තිබුණි. ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීපය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් ඊයේ කළ විමසුමකදී පැවසුවේ උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් නිලවරණය කල් දැමීමට තමන් නිලවරණ කමිටුවට උපදෙස් ලබාදුන් බවයි.
“පාපන්දු නිලවරණයට ඉදිරිපත් වෙලා තිබෙන සියළු අපේක්ෂකයන්ගේ සුදුසුකම් පිළිබඳව විධිමත්ව විමර්ශන කටයුතු කරන ලෙස එම නිලවරණ කමිටුවට උපදෙස් දුන්නා”
“බොහෝ අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්‍රවල ඇතිවී තිබෙන ගැටළු ගණනාවක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්තා ලැබී තිබෙනවා. මම නිලවරණ කමිටුවට කිව්වේ අවශ්‍ය නම් ඒ අයගෙ සුදුසුකම් සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන ලියකියවිලි හා සහතික පත්‍ර පිටපත් පරීක්ෂා කරන්න රජයේ රස පරීක්ෂකවරයාගෙන් සහය ලබා ගන්න කියලයි” යයි ද ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරන පාපන්දු නිලවරණ කමිටුවේ සභාපති ආර්. බී. වික්‍රමසිංහ මහතා සභාපති අපේක්ෂකයන් වන රංජිත් රුද්‍රිගු හා අනුර ද සිල්වා යන මහත්වරු ඇතුළු තවත් අපේක්ෂකයන් 14 දෙනකුට සිය සුදුසුකම් සනාථ කෙරෙන ලියකියවිලි හා සහතික පත්‍රවල මුල් පිටපත් රැගෙන හෙට (15) පෙරවරු 9.30 ට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ කාර්යාලයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
එහිදී රංජිත් රුද්‍රිගු මහතාට ඔහු විසින් සිය නාමයෝජනාව සමග ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩා හැඳුනුම්පත් හා තරග කණ්ඩායම් නාම ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙස එහිදී දැනුම්දී තිබේ.
සභාපති අපේක්ෂක අනුර ද සිල්වා මහතාට එහිදී නිලවරණ කමිටුව දැනුම්දී ඇත්තේ ඔහුට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතාවයට පදනම් වූ සිදුවීමට එරෙහිව ගොනු කළ කරුණු සනාථ කිරීම සඳහා සියලුම විදේශ ගමන් බලපත්‍ර හා ජපානයට යාම සඳහා හේතු වූ කරුණු හා එහි ගත කළ කාලය පිළිබඳව සනාථ කිරීමේ තොරතුරු වේ නම් ඒ සියල්ලෙන් මුල් පිටපත් 15 වැනිදා කෙරෙන විමර්ශනයට ඉදිරිපත් කර සිටිය යුතු බවය.
විරෝධතා ඉදිරිපත් නොවුණු අපේක්ෂකයන් කීප දෙනෙක්ද සුදුසුකම් සනාථ කෙරෙන ලියකියවිලි පරීක්ෂා කිරීමට නිලවරණ කමිටුව වැඩිදුරටත් තීරණය කර තිබේ. ඒ අනුව මෙහි පහත නම් සඳහන් සියලුම අපේක්‍ෂකයෝ හෙට පැවැත්වෙන විරෝධතා විමසීමේදී තම තමන්ගේ සුදුසුකම් නැවතත් සනාථ කළයුතුය.
එම්.එම්. රවීජ (උප සභාපති අපේක්ෂක), ආනෝල්ඞ් එම්මානුවෙල් (උප සභාපති හා උප ලේකම්ධුර අපේක්ෂක) සෙනරත් සිංහවංශ (උප සභාපති අපේක්ෂක) එම්.එම්.එම්. ෆායිස් (ලේකම් හා උප ලේකම් ධුර අපේක්ෂක) ඩී. චිදම්බරම් (උප ලේකම් අපේක්ෂක) යූ.එල්.එම්. ලතීෆ් (උප ලේකම් අපේක්ෂක) එස්. ආර්. එම්. එම්. අසාද් (භාණ්ඩාගාරික අපේක්ෂක) එන්.ඒ.ජගත් රෝහණ (උප සභාපති අපේක්ෂක), ඩී.කේ.ජී. මහින්ද ජයරත්න (උප සභාපති අපේක්ෂක), පාරුක් වතුර් තම්බි (උප ලේකම් අපේක්ෂක) ඒ. අරුලානන්ද යෝගී (උප ලේකම් අපේක්ෂක) එම්. ආර්. එම්. සීනන් (උප ලේකම් අපේක්ෂක) එම්.එස්.එම්. ෆස්ලාන් (භාණ්ඩාගාරික අපේක්ෂක) ටිරෝන් ප්‍රනාන්දු (භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික ධුර අපේක්ෂක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.