Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වී තිබෙන නාමයෝජනා 15 කට එරෙහි විරෝධතා 23 ක් අද (7) දිනයේ ගොනු වූ බව වාර්තා වේ. ජූලි 1 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට නාමයෝජනා බාර ගැනීම පෙරේදා (6) සිදු කෙරුණි.
ඒ සම්බන්ධයෙන් විරෝධතා බාර ගැනීම අද දිනයේදී සිදු කෙරුණු අතර, එහිදී මෙවර නිලවරණයේදී සභාපති ධුරයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් සභාපති අනුර ද සිල්වා හා හිටපු සභාපති රංජිත් රුද්‍රිගු යන මහත්වරුන් දෙදෙනාටම එරෙහිව විරෝධතා ගොනු කර තිබේ.
ඒ අතර සභාපති ධුරයට නාමයෝජනා බාරදී තිබෙන නමුත්, අපේක්ෂකයන් දෙදෙනකු වන පාපන්දු සම්මේලනයේ හිටපු තාක්ෂණික අධ්‍යක්ෂ දෙමෝදර චන්ද්‍රසිරි හා එහි හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වන රුක්මල් පෙරේරා යන මහත්වරුන්ගේ ඉදිරිපත්වීමට එරෙහිවද විරෝධතා ගොනු වී තිබේ. ලේකම් ධුර අපේක්ෂක ටේරවෝ රෙක්මන් මහතාගේ සුදුසුකම් ද වත්මන් විරෝධතාවන් මගින් අභියෝගයට ලක් කර තිබේ.
පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් ගොනු කළ විරෝධතා හෙට (9) පෙරවරු 10ට පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී සලකා බැලේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන නිලවරණ කමිටුව විසින් මෙම විරෝධතා සලකා බැලේ.
මෙහි සඳහන් ඇතැම් නිලධාරින් නිලවරණයේදී තනතුරු කිහිපයක් සඳහා නාමයෝජනා බාරදී තිබේ.
විරෝධතා ඉදිරිපත් වූ නාමයෝජනා මෙසේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.