Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට
යූරෝ පාපන්දු - 2024

නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජර්මනියේදී පැවැත්වෙන යූරෝ - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තුර්කියට එරෙහිව ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (7 වැනිදා) සමත් විය.

බර්ලින් නුවර ඔලිම්පියාස්ටේඩියන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ 35 වැනි විනාඩියේදී තුර්කිය වෙනුවෙන් හිසෙන් ගෝලයක් ලබාගත් සමෙට් අකේඩින් ගෝල 1-0 ක් ලෙස සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. එතැන් පටත් තවත් විනාඩි 35 ක් යන තෙක් තරගයේ ආධිපත්‍ය තමන් සතුව රඳවාගැනීමට තුර්කි ක්‍රීඩකයෝ සමත් වූහ. 

කෙසේ වුවත් 70 වැනි විනාඩියේදී නෙදර්ලන්තය වෙනුවෙන් ගෝලයක් ලබාගත් ස්ටෙෆාන් ඩි’ ව්රිජ් ගෝල 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත් කිරීමට සමත් විය. එතැන් පටන් කණ්ඩායම් දෙකටම තරගයේ ජයග්‍රහණය විවෘත වූ අතර 76 වැනි විනාඩියේදී තුර්කි ක්‍රීඩක මර්ට් මුල්ඩර් වැරදීමකින් සිය දැල තුළටම පන්දුව යොමු කිරීමත් සමග නෙදර්ලන්තයට ඕන් ගෝලයක් හිමිවිය. 

එහිදී සිදුවූ වරද නිවැරදි කර ගැනීම සඳහා තුර්කියට ඉතිරි විනාඩි 14 ප්‍රමාණවත් නොවූ අතර තරගයේ නියමිත කාලය නිමාවට පත්වන විට ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය. තුර්කි ක්‍රීඩක බෙටග් ඔස්ගර් අතිරේක කාලයේදී (96 වැනි විනාඩියේදී) රතු කාඞ්පතක් ලැබූ අතර තරගය අතරතුර තවත් තුර්කි ක්‍රීඩකයකු සහ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සිවු දෙනකු කහ කාඞ්පත් ලැබූහ.  

- 036

 


අදහස් (0)

නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.