Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නෙදර්ලන්තය මුණගැසීමට මෙක්සිකෝව සූදානම්

නෙදර්ලන්තය මුණගැසීමට මෙක්සිකෝව සූදානම්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බී‘ කාණ්ඩයේ තරගයකින් ක්‍රොඒෂියාවට එරෙහිව ගෝල් 3-1 ක ජයක් අත්කර ගත් මෙක්සිකෝව දෙවැනි වටයේ දී නෙදර්ලන්තය සමග තරග කිරීමට දිනය වෙන් කර ගත්තේය.

කණ්ඩායම් දෙක අතරින් තරගමාලාව ආරම්භයේ සිටම මෙක්සිකෝ පිල ඉදිරියෙන් පසුවූවත් අවසන් කණ්ඩායම් 16 ට සුදුසුකම් නොලැබූ ක්‍රොඒෂියාව වෙතින් ඔවුන්ට එල්ලවූයේ සුලුපටු අභියෝගයක් නොවීය. තරගයේ පළමු භාගයේ ගෝලයක් නොමැතිව අලසව ගලා ගිය අතර තරගය වඩාත් උණුසුම් ස්වරූපයක් ගත්තේ අවසන් මිනිත්තු විස්සේදීය.

තරගයේ පළමු ගෝලය වාර්තාවූයේ 72 වැනි මිනිත්තුවේදීය. නායක රෆායල් මර්කුයිස් වාර්තා කළ එම ගෝලයත් සමග 1-0 කින් පෙරමුණ ගත් මෙක්සිකෝවට තවත් මිනිත්තු 2කට පසුව ගෝලයක් තිළිණ කිරීමට ඇන්ඩ්‍රස් ගෝඩාඩෝ සමත්විය. 82 වැනි මිනිත්තුවේ දී ජේවියර් හර්නන්ඩෙස් තරගයේ තුන්වැනි ගෝලයත් ලබාගනිමින් මෙක්සිකෝව සවිමත් කළේය.

තරගයේ පළමු භාගයේ දී තවත් ගෝල දෙකක් ලබාගැනීමට මෙක්සිකෝවට අවස්ථාවක් ලැබුණත් එය සාර්ථක වූයේ නැත. හෙක්ටර් හෙරේරා හා ඕබී පෙරල්ටා ප්‍රතිවාදී දැල කණුව වෙත පන්දුව දෙවරක් එල්ල කළ ද දැල්කණුවේ වැදී පන්දුව පිටියෙන් පිටතට විසිවිය.


අදහස් (0)

නෙදර්ලන්තය මුණගැසීමට මෙක්සිකෝව සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.