Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පෙබරවාරී මස 5 වැනිදා ආරම්භවන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පාපන්දු (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාව මුලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව සහ මාලදිවයින සමග තරග වැදීමට නියමිතය.
ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය පෙබරවාරී මස 6 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර උලූබාරී නේරු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජනවාරී මස 6 වැනිදා ඉන්දියාවේදී නිමා වු දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ඉන්දියාව එම තරගාවලියේ මුලික වටයේ තරගයකදී ගෝල 2-0 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.
තරගාවලියේ මුලික වටයේ තරග උලූබාරී නේරු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් පුර්ව වටයේ සිට තරග සරුසජායිහි ඉන්දිරා ගාන්ධි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මාලදිවයින වර්තමානයේ පාපන්දු ක‍්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින නිසා මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමද පහසු නොවේ.
තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් නේපාලය, භූතානය සහ බංග්ලාදේශය තරගවදින අතර පාකිස්තාන පාපන්දු පිල තරගාවලියට සහභාගි නොවේ.
සී. එම්. රිෆ්නාස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස සම්පත් පෙරේරා මහතා කටයුතු කරයි.
වසර 1993, 1995, 2004 යන වසරවල පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල වලදී පාපන්දු ක‍්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් හිමිකර ගත් ශ්‍රී ලංකාව 2006 වසරේ කොළඹ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේදී රිදී පදක්කම දිනා ගත්තේය.
ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම:
සී.එම්. රිෆ්නාස් (නායක), ප‍්‍රභාත් රුවන් අරුණසිරි, පී.ධනුෂ්ක රාජපක්‍ෂ, සුනිල් රොෂාන්, වසන්ත හෙට්ටිආරච්චි, ඒ.රහුමාන්, සජිත් කුමාර, චලන චමීර, චතුරංග සංජීව, මධුෂාන් ද සිල්වා, එම්.ඒ.අක්රම්, එස්.නිරේෂ්, චතුරංග මධුෂාන්, සුපුන් කවීෂ් ලක්ප‍්‍රිය ප‍්‍රනාන්දු, ඒ. එම්. ෂාහිල්, ෆයිසාල් මොහොමඞ් රිස්කාන්, ආර්.ප‍්‍රදීප්, දේවින්ද බණ්ඩාර, එම්.නිතර්සන්
තරග කාල සටහන:
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.