Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වසර දෙකකට පසුව සිය වාර්ෂික දේශීය පාපන්දු තරග මාලා නිල වශයෙන් ආරම්භ කරයි. එහි පළමු පියවර ලෙස අන්තර් සමාජ පළමු පෙළ (ලීග් වන්) තරගාවලිය (2025) පෙබරවාරී 8 වැනිදා ආරම්භ කෙරේ.
එහි විශේෂත්වය එහි මෙතෙක් පැවැති මුහුණුවර වෙනස් කරමින් එය ලීග් තරගාවලියක් ලෙස පැවැත්වීමයී.එහිදී පැවැති තරග ආකෘතිය වෙනස් කරමින් ඊට නිර්දේශ වී සිටින කණ්ඩායම් 16 මූලික වටයේදී කාණ්ඩ හතරකට බෙදා එක් කණ්ඩායමක් ප්‍රතිවාදීන් එකි නෙකා දෙවරක් මුණ ගැසෙන තරග හයකට බැගින් යොමු කෙරේ.
එහිදී කාණ්ඩ හතරේම වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් වන කණ්ඩායම් අටක් තරගාවලියේ සුපිරි අට අදියර යනුවෙන් හැදින්වෙන දෙවැනි වටයට නිර්දේශ කර ගැනේ. එහිදීද ප්‍රතිවාදීන් එකි නෙකා තරග දෙකකට බැගින් සහභාගි වේ.
එයින් පසුව වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් වන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට නිර්දේශ ලබයි.ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ලබන ජූනි මාසය නිමාවට පෙර මෙම තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව තරගාවලියේ කුසලාන හිමිකරුවන් වන කණ්ඩායමට ලබා දෙන ත්‍යාග මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමා තිබේ.අනුශූරතාව සදහා රුපියල් ලක්ෂ පහකි.
මේ අතර දේශීය පාපන්දු තරග නැවැත ආරම්භ කිරීම නිමිත්තෙන් සෙනසුරාදා (11) කොළඹ පාපන්දු නිවසේදී (මූලස්ථානයේදී) පැවැති පාපන්දුවට නව දැක්මක් - නව ආකෘතියක් - නව ජවයක් යන ව්‍යාපෘතිය අරභමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ 2026 ට මෙම තරගාවලියේ සිට කණ්ඩායම් 32 ක් හදුන්වා දෙන බවයි.
එහිදී ජස්වර් උමාර් මහතා මෙසේද පැවැසීය. "පළමු පෙළ තරගාවලිය විතරක් නොවේ. පාපන්දු ආයතනය පවත්වන අනෙකුත් දේශීය තරග මාලා සදහාත් වැඩිම කණ්ඩායම් ගණනකට වැඩිම තරග ගණනකට සහභාගිවීමේ අවස්ථාව ඉහළ දමන්න අප ඒවායෙහි දැන් පවතින තරග රටාව වෙනස් කරන්න උනන්දුවී සිටිනවා.
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය මීළග ලෝක කුසලාන තරගාවලියේ සිට ඊට වැඩි තරගකාරිත්වයක් ඇති කිරීම සදහා වැඩි කණ්ඩායම් ගණනකට සහභාගි වීමේ ඉඩ ප්‍රස්ථාව සලසා දෙමින් එහි කණ්ඩායම් ගණන 48 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. අපත් ඒ අනුව යමින් මෙසේ දේශීය තරග ආකෘතිය වෙනස් කරන්න උනන්දුවී සිටිනවා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.