Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට අපේක්ෂිත ශ්‍රී ලංකා පාපන්දු ආයතන නිලවරණයේදී (2023-27) සභාපති අපේක්ෂක දක්ෂිත සුමතිපාල මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පාපන්දු ප්රවීණයන්ගේ සංගමය තීරණය කර ඇත.
ඉකුත්දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති තිලක් පීරිස් මහතා පැවසුවේ පසුගිය වසර 27ක කාලයක් පුරා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ දක්නට ලැබුණු දුර්වල පරිපාලනය හා ක්‍රියාකාරිත්වය තුළින් රටේ පාපන්දු ක්‍රීඩාව හා එහි පාර්ශ්වකරුවන්ගේ අභිලාෂයන් මුළුමනින්ම බිඳ වැටී තිබෙන බැවින් මෙතැන් සිට දක්ෂිත සුමතිපාල මහතා කෙරෙහි සිය සංමය දැඩිව පෙනී සිටින බවයි.
අනුරාධපුර පාපන්දු ලීගයේ වත්මන් සභාපතිවරයාද වන දක්ෂිත සුමතිපාල මහතා සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා බාර දෙන බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී නොබෝදා පැවති පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමටද සුමතිපාල මහතා සහභාගිවී සිටියේය. ඔහුට සිය සහයෝගය ලබාදෙන බව ශූරයන්ගේ පාපන්දු ක්‍රීඩා සමාජ එකමුතුවේ සභාපති වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ප්රවීණයන්ගේ පාපන්දු සංගමයේ සභාපති තිලක් පීරිස් මහතා මෙසේද පැවසීය.
“සුමතිපාල මහතා ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයට එක්වීමට ගත් තීරණය මෙරට පාපන්දු ක්‍රීඩාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට අප විශ්වාස කරනවා. ඔහුගේ පාපන්දු දැනීම වගේම ශාස්ත්‍රීය දැනුමද ශ්‍රී ලංකා පාපන්දු භූමියේ අනාගත ආයෝජනයට විශාලතම පිටුවහලක් වන බවත් අප තවදුරටත් විශ්වාස කරනවා. වසර 27ක්ම මෙරට පාපන්දු පරිපාලනය මෙහෙයවපු හිටපු නිලධාරීන් අපගේ විශ්වාසය කඩ කිරීම තුළ අපට අළුත් මුහුණක් ගැන විශ්වාස කරන්න වෙලා තිබෙනවා“
මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු තාක්ෂණික අධ්‍යක්ෂවරයෙකු වන ඩී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ සුමතිපාල මහතා පළපුරුදු ගෝල් රකින්නෙකු ලෙස පාපන්දු පිටියේ දක්ෂතා දැක්වූ අයෙකු බැවින් ඔහු කඩා වැටුණු පාපන්දු ක්‍රීඩාවේ ගලවා ගැනීමේ ආරක්ෂකයෙකු වන බවටද මෙරට පාපන්දු ප්‍රවීණයන් බහුතරයකට විශ්වාසය ගොඩ නැගී තිබෙන බවයි.
ශ්‍රී ලංකා පාපන්දු ප්‍රවීනයන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් කිපදෙනෙකුම මෙම මාධ්‍ය හමුවේදී දක්ෂිත සුමතිපාල මහතාට සහය පළකරමින් අදහස් දැක්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.