Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණය ලංවෙද්දී අල්ලස් චෝදනා

පාපන්දු නිලවරණය ලංවෙද්දී අල්ලස් චෝදනා

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල වරණය ඉලක්ක කරමින් විවිධ පාර්ශව පාපන්දු ලීග නියෝජිතයන්ට අල්ලස් ලබාදීමට උත්සාහ ගනිමින් සිටින බවට චෝදනා එල්ල වේ.

පාපන්දු සම්මේලනයේ නිලවරණය මෙම 23 වැනිදා පෙරවරු 9ට ක‍්‍රීඩා විද්‍යාතන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. එක්තරා පාර්ශ්වයක් මෙවර පාපන්දු නිලවරණය ඉලක්ක කරමින් මෙම 22 වැනිදා පාපන්දු ලීග නියෝජිතයන් වැල්ලවත්ත හෝටලයකට රැස් කරවා සුපිරි සාදයක් පැවැත්වීමට දරන සූදානමක් ගැන වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එම සාදයට ලීග නියෝජිතයන්ට ආරාධනා කරමින් එක්තරා ආරක්ෂක සේවාවකට අයත් ඉහළ පෙළේ නිලධාරියකු ඔවුන්ට දුරකතන ඇමතුම් ලබා දී තිබෙන බවත් මෙවර නිලවරණය ඉලක්ක කරමින් තෑගි බෙදාදීම ඇතුළු අල්ලස් ලබාදීමත් පාපන්දු තහනමට ලක්වූ නිලධාරීන් සමග පාපන්දු ක‍්‍රීඩාවට අදාළ සබඳතා පැවැත්වීම තහනම් බවට තමන් පාපන්දු විධායක සභාවේදී ප‍්‍රකාශයට පත් කළ බවත් රංජිත් රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැවසීය.

නොබෝදා මීගමුවේදී රුද්‍රිගු මහතා පාපන්දු ලීග නියෝජිතයන්ට සාදයක් සංවිධානය කිරීම පිළිබඳ ”ලංකාදීප”ය කළ විමසුමකදී ඔහු පැවසුවේ එය නිලවරණයට අදාල කටයුත්තක් නොවන බවය. තමන් පාපන්දු සම්මේලනයේ සභාපතිධූරයෙන් ඉවත්ව යන බැවින් එතෙක් තමන්ට උපකාර කළ නියෝජිතයන් හා නිලධාරින්ට කෘතඥතාව පළ කිරීම සඳහා එම සාදය සංවිධානය කළ බවත් තමන් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවන බැවින් මීගමුවේ පැවැති සාදය ගැන කිසිවකු චෝදනා කරන්නේ නම් එය පදනම් විරහිත චෝදනාවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර පාපන්දු සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට එරෙහිව ගොනු කර තිබූ සියලූ විරෝධතා ඉවත් කර ගැනීමට පාපන්දු සම්මේලනයේ විධායක සභාව හා මධ්‍යම කමිටුව තීරණය කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කළේ විධායක සභික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මසිරි මුණසිංහ මහතා විසිනි. වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මෙවර පාපන්දු නිලවරණය පැවැත්වීමට සියලූ පියවර ගන්නා බවත් රංජිත් රුද්‍රිගු මහතා පවසයි.


අදහස් (0)

පාපන්දු නිලවරණය ලංවෙද්දී අල්ලස් චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.