Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ප්‍රතික්ෂේපිත නාමයෝජනා සඳහා අභියාචනා කමිටුවට ඉදිරිපත් කළ අභියාචනා විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් නොකරමින් නිලවරණ කමිටුව හෙට (14) ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය පැවැත්වීමට ගෙන තිබෙන තීරණයට සභාපති අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගේ පාර්ශ්වය දැඩි විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
මෙම තත්ත්වය තුළ හෙට පෙරවරු 10ට ‘රීඩ්’ මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත පාපන්දු ආයතනයේ නිලවරණය උණුසුම්කාරී මුහුණුවරක් ගනු ඇතැයිද වාර්තාවේ. කෙසේ වුවත් මෙවර නිලවරණයේදී නැවත සභාපති ධුරයට තරග වදින හිටපු සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ තමන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වූයේ නම් එය විභාග කිරීමේදී තමන් ඒ සඳහා කැඳවිය යුතු බවයි.
ඒ අනුව පාපන්දු සභාපති ධුරයට ඉදිරිපත්වීම සඳහා තමන්ට නීත්‍යානුකූලව කිසිදු බාධාකයක් නැති බව සනාථ වී ඇති බැවින් නිලවරණයට ඉදිරිපත් වන තමන් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් යළිත් පාපන්දු සභාපති ධුරයට පත්වන බවද පැවැසීය.
පාපන්දු ලීග 55 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේ (2022-23) විශේෂ වැදගත්කම් දෙකක් පෙන්වයි. ඒ පළමු වතාවට ලීගයක් සඳහා එක් ඡන්දයක් බැගින් ප්‍රදානය කිරීමට තීරණය වීමත් එයින් පත්වන විධායක සභාවේ නිල කාලය ලබන මැයි 31 වැදා දක්වා පමණක් සීමාවීමත්ය.
කළුතර පාපන්දු ලීගයේ සභාපති විකලාංග වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රධාන පාර්ශ්වයක සහයෝගය මෙවර ලැබී ඇත්තේ මැන්චෙස්ටර් පාපන්දු විද්‍යායතනයේ (ඇකඩමියේ) සභාපති ධුරය මේ වන විට දරන ජේ. ශ්‍රී රංගා මහතාටය.
පළමු වතාවට අත ඔසවා (විවෘත ක්‍රමයට) ඡන්දය ප්‍රකාශ කිරීමත් ලීගයකට මෙතෙක් හිමිව තිබූ ඡන්ද තුන එකකට පමණක් සීමා කිරීමත් හේතුවෙන් මෙවර නිලවරණය වඩාත් උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇතැයිද වාර්තාවේ.
ඒ අතර දෙපාර්ශ්වයටම ප්‍රසිද්ධියේ සහය පළ කිරීමට මේ වනවිටත් ඉදිරිපත්ව සිටින ලීගයන්හි ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන නියෝජිතයන්ට ඊයේ (13) රාත්‍රියේ සිට ඉහළ පෙළේ හෝටල් හා සෙසු පහසුකම් ලබාදීමට දෙපාර්ශ්වයම උනන්දුවී සිටි බවද වාර්තා විය.
නාමයෝජනා විරෝධතා විභාගයේදී ඉදිරිපත්වූ නාමයෝජනා 39 න් 21 ක්ම ප්‍රතික්ෂේප විය. ඒ අතරින් නැවත සළකා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශ අභියාචනා කමිටුවට අභියාචනා 10 කට ආසන්න ගණනක් ඉදිරිපත්ව තිබේ. ජස්වර් උමාර් මහතාගේ අපේක්ෂකත්වය නිලවරණ කමිටුව පිළිගැනීමට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයද ඒ අතර විය.
නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වීම තුළ උප සභාපති (පරිපාලන) තනතුර ධුරයට ඉදිරිපත්වූ නාමයෝජනා දෙකම ප්‍රතික්ෂේප වීමෙන් ඊට සුදුස්සකු නිර්දේශ කර ගත හැක්කේ පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමෙනි.
භාණ්ඩාගාරික ධුරයට ටී. සුකාගර් මහතා නිතරගයෙන් පත් වූ බව නිලවරණ කමිටුව පළමුව එළිදැක්වූ පිළිගත් නාමයෝජනා ලේඛනයේ දැක්වුණි. එහෙත් කමිටුව දෙවනුව නිකුත් කළ නාමයෝජනා ලේඛනයේ ඊට තවත් නාමයෝජනාවක් එකතුකර තිබීමෙන් එම තත්ත්වය දැන් වැළකී ගොස් තිබේ.
උපසභාපති ධුර පහක් සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා 12න් අටක්ම ප්‍රතික්ෂේප විය. මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ලංකාදීපයට ඊයේ පස්වරුවේදී පැවැසුවේ අභියාචනා කමිටුව අභියාචනා විභාග කර නිගමන නිලවරණ කමිටුවට යොමු කර තිබෙන බවත් ඒවා ප්‍රකාශයට පත් කර නිලවරණය කැඳවීම නිලවරණ කමිටුවේ වගකීමක් බවත්ය.
නිලවරණ කමිටුව ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය කරමින් හෙට නිලවරණය කැඳවීමට උත්සාහ ගන්නා බවට චෝදනා කරමින් ජේ. ශ්‍රී රංගා මහතාට සහයෝගය දක්වන පාර්ශ්වය ඊයේ පස්වරුවේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණි.
මේ අතර සභාපති අපේක්ෂක ජේ. ශ්‍රී රංගා මහතා නාමයෝජනා බාරදීමෙන් පසුව ඊයේ වන තෙක් කිසිදු මාධ්‍ය හමුවක පෙනී නොසිටීමට උනන්දුවීම කැපීපෙණුනි.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. අබ්දුල් මජිඩ් මහතා, ප්‍රධාන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු හා විශ්‍රාමික අමාත්‍යංශ අතිරේක ලෙක්ම් එස්. මැදවැව යන මහත්වරුන්ගෙන් පාපන්දු නිලවරණය මෙහෙයවන කමිටුව සමන්විතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.