Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වෙන බව ප්‍රකාශ වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කල් දමන්නේ නම් ඒ පිළිබඳව පසුගිය නිලවරණය මෙහෙය වූ නිලවරණ කමිටුවේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මතය විමසිය යුතු බව කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පවසයි. එසේ නොකර වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා සිය විධායක සභාවේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට දරන උත්සාහයට එකඟ විය නොහැකි බවත් මනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
පසුගිය වසරේ (2021) ජුනි 30 වැනිදා දිවයිනේ ස්ථාන තුනක ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් පැවැති 2021-22 නිලවරණයේ දී වෛද්‍ය මහිල් ප්‍රනාන්දු මහතා වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා හමුවේ ඡන්ද 6 කින් පරාජය විය.
මේ අතර නොබෝදා යාපනය අරියාලේ දී පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මධ්‍යම කමිටු රැස්වීමේ දී වත්මන් පාපන්දු සභාපතිවරයාගේ නිල කාලය වසරකින් දීර්ඝ කළ යුතු බවට ගෙන ආ යෝජනාවක් එම අවස්ථාවේ එහි රැස්ව සිටි පාපන්දු ලීග 53ක නියෝජිතයන්ගේ අනුමැතියෙන් සභා සම්මත විය.
එම අවස්ථාවේ සභාවේ සිටි ලීග නියෝජිතයන් අතර පොල්ගහවෙල පාපන්දු ලීගය නියෝජනය කරමින් එහි සභාපති, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති අනුර ද සිල්වා මහතා ද විය. එම යෝජනාවට අනුර ද සිල්වා මහතාගේ විරුද්ධත්වයක් ප්‍රකාශ වූ බව වාර්තා නොවීය.
හිටපු සභාපතිවරයා පසුගිය නිලවරණයේ දී මනිල් ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් ප්‍රධාන ලේකම් ධුරයට තරග වැදුණු අපේක්‍ෂකයෙකි. මේ අතර වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.
“අවුරුද්දකට විතරක් තමන් පත් වූ බව ප්‍රකාශ කරමින් ජස්වර් මහතා පසුගිය නිලවරණය ජය ගනිමින් සභාපති පුටුවේ වාඩි වුණා. ඔහුට මේ අවුරුද්දක් පමණ වන නිල කාලයේ දී පැවරුණු ලොකුම වගකීම වුණේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු පරිපාලන ඒකකයේ ව්‍යවස්ථාව සකස් කරලා එය තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කරලා ක්‍රියාවට නැගීමයි.
නමුත් මාස නවයක් ගිහිල්ලත් තවම එය සම්පූර්ණ කරපු බවක් අපි දැක්කෙ නෑ. “
“හිටපු සභාපතිවරු තනතුරෙන් ඉවත් වෙලා යන බොහෝ අවස්ථාවල කියපු දෙයක් තමයි මට අහවලා වැඩ කරන්න දුන්නෙ නෑ. කකුලෙන් ඇද්දා කියලා. ඒ හින්දා ජස්වර් මහතාට මේ මාස නවයේ වැඩ කරන්න දීලා අපි නිහඬව බලාගෙන හිටියා.
නමුත් පසුගිය කාලයේ පාපන්දු සම්මේලනයේ සිද්ධ වුණු බොහෝ දේවල් අපට අනුමත කරන්න බෑ. සම්මේලනයේ වියදම් ඔය මාස නවය තුළ දී විශාල ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා. අපි දැක්කේ ඔය කාලයේ දී පාපන්දු සම්මේලනයේ ගිණුම හිස් වේගෙන යන බවක් විතරයි. මේ පිළිබඳව අපේ ලිඛිත විමසුම්වලට ඔහු මෙතෙක් ප්‍රතිචාර දක්වාත් නෑ.“
“ඒ අතර සම්මේලනයේ තරග හා වැඩසටහන්වල දේශීය අනුග්‍රාහකයන් සොයා ගන්න බවක් අපි දැක්කෙත් නෑ. ජස්වර් මහතාගේ පාලන කාලයේ දී මම හොඳ දෙයක් හැටියට දැක්කේ ඔහු නිදහස් කුසලාන පළාත් තරගාවලිය, අගමැති කුසලාන සිව්කොන් ජාත්‍යන්තර තරගාවලිය, සුපර්ලීග් තරගාවලිය වගේ අලුත් තරගාවලි රටට හඳුන්වා දෙන්න දැරූ උත්සාහයයි.“
“කොහොම උනත් ජස්වර් මහතා තමන්ගේ දැන් ගෙවන පාලන කාලය තවත් අවුරුද්දකින් දීර්ඝ කර ගන්නවා නම් ඒකේ නීත්‍යානුකූලභාවය ඔහු සනාථ කර පෙන්විය යුතුයි. එසේ නොවුණොත් එය වැරදි ආදර්ශයක් වෙනවා“ යයිද වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අතර පාපන්දු ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට වත්මන් සභාපතිවරයා නිලවරණයකින් තොරව සිය පාලන කාලය දීර්ඝ කර ගැනීමට දරන උත්සාහයක් වෙතොත් ඊට එරෙහිව පාර්ශව කීපයක් අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වන බව ද වාර්තා වේ. ඒ පිළිබඳව ජස්වර් උමාර් මහතා පැවසුවේ තමාගේ නිල කාලය නිලවරණයකින් තොරව දීර්ඝ කර ගැනීමට දරන උත්සාහය නීතිවිරෝධී නොවන බවයි. එය වසර 2013 දී එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජාතික ක්‍රීඩා පනතට හඳුන්වා දුන් ‘‘ජාතික ක්‍රීඩා සංගම් නව නියෝගවලට අනුකූල බව ද ඔහු පෙන්වා දුන්නේය.
‘‘මම නිලවරණයට යන්න බය නෑ. දැන් මට පසුගිය නිලවරණයේ දී ලබාගත් ඡන්ද ගණනකටත් වඩා වැඩි ගණනකින් ඡන්දය දිනන්නත් පුළුවන්. මම පෙන්වා දුන්නේ පසුගිය කාලය පුරා පාපන්දු ආයතනයේ ගත කළ සභාපතිවරුන්ට ලැබී තිබුණු වසර දෙකක් දක්වා වන නිල කාලයක් මටත් ලබාදීම සාධාරණයි කියලා.
හැබැයි මම නිලවරණයකටත් බය නෑ. ජුනි 30 වැනිදා මම නිලවරණයට ඉදිරිපත් වුණේ දිනනවාමයි කියලා. මම දැනුත් කියන්නේ තවත් නිලවරණයකට ආවත් මම දිනනවාමයි“ යැයි ද ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.