Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු පුහුණු කඳවුරු දෙකක්

පාපන්දු පුහුණු කඳවුරු දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපන් පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්වල සිටින වයස 16 න් පහළ පාපන්දු ක‍්‍රීඩකයන් සඳහා පුහුණු කඳවුරු දෙකක් පැවැත්විණ. ජපානයේ හිටපු පාපන්දු ක‍්‍රීඩකයකු වන මසා ඕ කිබා මහතා මෙහෙය වු මෙම පුහුණු කඳවුරු සඳහා ක‍්‍රීඩකයෝ 30 දෙනෙක් සහ පුහුණුකරුවෝ 10 දෙනෙක් සහභාගිවුහ.

ගම්පහ දිස්ත‍්‍රික් කඳවුර ගම්පහ ශ‍්‍රී බෝධි ක‍්‍රීඩාංගණයේ පැවැති අතර කොළඹ දිස්ත‍්‍රික් පුහුණු කඳවුර බොරැල්ල කැම්බල් උද්‍යාන ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ. ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා සහ එහි ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරු මෙම අවස්ථාවන්ට සහභාගිවුහ.


- 090

 

 

 

 

 

 


අදහස් (0)

පාපන්දු පුහුණු කඳවුරු දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.