Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ සර්බියානු ජාතික පුහුණුකරු නිකොලා කවසෝවාවික් මහතා ඊයේ (5) සිට සේවයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
එසේ සේවයෙන් ඉවත් කළ කවසෝවාවික් මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව යාමට සූදානමෙන් සිටි බවද වාර්තා වේ.
පසුගිය වසරේ ජූලි 5 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ධුරය බාරගත් සර්බියානු පුහුණුකරුට වසරක් ඉක්මයාමට පෙර ශ්‍රී ලංකාවේ සේවය අත් හැරීමට සිදුවූයේ එකී කාලය තුළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප‍්‍රමාණවත් ප‍්‍රගතියක් පෙන්වීමට ඔහු අපොහොසත් වීම නිසා බවත් පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ මෙහෙයවීම මත ඉකුත් දා ලෝක කුසලාන (2018) කලාපීය පූර්ව සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක ශේ‍්‍රණිගත කිරීම් හමුවේ අවසන් ස්ථානයේ පසුවන භූතානයට එරෙහිව පැවැති තරග දෙකෙන්ම පරාජයට පත්වීම දේශීය හා අන්තර්ජාතික වශයෙන්ද කතාබහට ලක්විය. ඊට පෙරත් ඔහු යටතේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගීවූ ජාත්‍යන්තර තරග ගණනාවකින් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
කෙසේ වුවත් පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සර්බියානු පුහුණුකරුගේ ඉවත් කිරීම අප‍්‍රසිද්ධියේ කර තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපයට” අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් හා තාක්‍ෂණික කමිටුවේ සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ඔහුගේ ඉවත්කිරීම සඳහා සම්මේලන විධායක සභාවේ අනුමැතිය ලබාගත යුතු බවයි.
එහෙත් විධායක සභිකයෙකු ලෙස තමන් ඒ පිළිබඳව දැනුවත් වී නැතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.