Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා පත්ව ඇත. ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයකු මෙන්ම නායකයෙකු ද වන ස්ටේන්වෝල් මහතා ශ‍්‍රී ලංකා පාපන්දු සංගමයේ විධායක කමිටුවේ අනුමැතියෙන් පුහුණුකරුධුරයට පත්විය.
ලබන වසරේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා පාපන්දු පිලේ ක‍්‍රීඩකයන් පුහුණුකිරීම ස්ටේන්වෝ්ල් මහතා යටතේ සිදුකෙරේ. ස්ටේන්වෝ්ල් මහතා, පසුගිය වසර පහක කාලයේදී ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.
රිනවුන්, බ්ලූස්ටාර් සහ සෝන්ඩර්ස් යන ක‍්‍රීඩා සමාජ නියෝජනය කර ඇති ස්ටේන්වෝල් මහතා 1995 වසරේ සාක් රන් කුසලාන දිනාගත් ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළේය.
දේවා සගයාම් මහතා සහය පුහුණුකරු ලෙස ද, මහින්ද ගලගෙදර මහතා ගෝල රකින පුහුණුකරු ලෙස ද පත්ව සිටිති.
සම්පත් පෙරේරා මහතා හිටපු ශ‍්‍රී ලංකා පාපන්දු පුහුණුකරුවේ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.