Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැරට් 18 රත්තරන් කිලෝග්‍රෑම් 6.142 ක බරින් යුත් ලෝක පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන පැය පහක කාලය තුළදී එය නැරඹීම සඳහා පැමිණෙන එක් අයෙකුට ඒ සඳහා තත්ත්පර හයක කාලයක් වෙන්කර තිබේ. රටවල් 54 ක චාරිකාවකින් පසුව ලෝක පාපන්දු කුසලානය ප්‍රදර්ශනය සඳහා මෙම 23 වැනිදා රාත්‍රියේ විශේෂ ජෙට් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
ලෝක කුසලානය 24 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට කටයුතු කෙරේ.
පැය පහක් වන කාලය තුළදී නරඹන්නන් 1500 කට පමණ එය දැකබලා ගැනීමටත් ඡායාරූපයට ගැනීමටත් අවස්ථාව හිමිවෙයි.
මේ මස 23 වැනිදා රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වෙන ලෝක පාපන්දු කුසලාන අනතුරුව කොළඹ බලා රැගෙන විත් “ෂැන්ග්‍රිලා” හෝටලයේ තැන්පත් කිරීම එදින රාත්‍රි 9.30ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. කටුනායක ගුවන් තොටුපොළේදී ලෝක කුසලානය පිළිගැනීම ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
එය රැගෙන එන විශේෂ ජෙට් යානයේ කුසලානයේ ආරක්‍ෂාවට සිටින ආරක්‍ෂකයන් ඇතුළු 22 දෙනකුගෙන් සමන්විත නියෝජිතයන්ගේ කණ්ඩායමක්ද දිවයිනට පැමිණෙයි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ මොස්කව් ඇතුළු ප්‍රධාන නගර කීපයකදී ජුනි 14 වැනිදා සිට ජුලි 14 වැනිදා දක්වා පැවැත්වේ. එහි ජයග්‍රාහීි කණ්ඩායමට ප්‍රදානය කෙරෙන ලෝක පාපන්දු කුසලානය ලොව පුරා ප්‍රදර්ශනය කරමින් රට රටවලට ගෙනයනු ලබයි. ලෝක කුසලාන චාරිකාවේ ගමනාන්තය කිලෝමීටර් 126,000කි න් සමන්විතය. ලෝක පාපන්දු සම්මේලනය පවසන්නේ එය ශ්‍රී ලංකාවට රැගෙන ඒම රටවල් 54ක් අතරින් ගෝලීය කොටසේ පළමු ගමනාන්තය බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයෙන් පසුව ලෝක කුසලානය ප්‍රදර්ශනය සඳහා මාලදිවයින බලා රැගෙන යනු ඇත. මෙම 23 රාත්‍රියේ එය ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ පාකිස්ථානයේ කළ ප්‍රදර්ශනයකින් පසුවය.
මිනිසුන් දෙදෙනකු ලෝක ගෝලය ඔසවා ගෙන සිටින අයුරින් තනි රනින් නිමවන ලද ලෝක පාපන්දු කුසලාන ආකෘතිය සැළසුම් කර ඇත්තේ 1974 දීය.
ලොව වටිනාකමින් වඩාත්ම වැඩිම, එමෙන්ම වඩාත්ම සම්මානයට පාත්‍රවන මෙම ලෝක පාපන්දු කුසලාන ස්පර්ශ කිරීමේ අවස්ථාවට ජයග්‍රාහී කණ්ඩායමට හැර හිමිවන්නේ තෝරා ගත් තවත් සුළු පිරිසකට පමණි. ඒ ලෝක කුසලාන පූර්ව ජයග්‍රාහකයන්ට හා රාජ්‍ය ප්‍රධානීන්ට පමණි.
එහි රෙගුලාසිවලට අනුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සතු ලෝක කුසලානය එය ජය ගන්නා කණ්ඩායමට පිළිගැන්වීමත් පමණක් කරන අතර ඒ වෙනුවට අදාල තරගාවලියේ ජයග්‍රාහකයා ඇතුළත් සෙසු තොරතුරු කෙටූ රන් ආලේපිත අනුරුවක් ඔවුන් සන්තකයේ තබාගැනීම සඳහා ප්‍රදානය කෙරේ.
පාපන්දු ලෝක කුසලානය ලෝකය පුරා ගෙන යාමට කෝකා කෝලා ආයතනය අනුග්‍රහය දක්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.