Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වේ.
ඒ සඳහා විධායක සභාවේ සාමාජිකයන් 27 දෙනාටම ආරාධනා ලැබී තිබෙන අතර එහි විධායක සභාව රැස් නොකිරීම පිළිබඳව එහි සභාපතිවරයාට එරෙහිව එහි සාමාජිකයන් 17 දෙනකු ඉකුත්දා ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව පසුගිය අප්‍රේල් 30 වැනිදා පාපන්දු සභාපතිවරයා කැඳවූ හදිසි විධායක සභා රැස්වීමක් එහි සාමාජිකයන් පිරිසකගේ විරෝධතා නිසා අතරමග අත්හිටුවීමට සිදුවිය.
ක්‍රීඩා ඇමතිවරයා හා පාපන්දු සම්මේලනයේ විධායක සභාව අතර අද පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාව ගැන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙසේ පැවසීය.
“මේ සාකච්ඡාවට ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කළේ මායි. නිලවරණයෙන් පත්වූ පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ නිලධාරීන් සමග සාකච්ඡාකිරීමෙන් පසුවයි මා ඇමැතිවරයා හමුවෙන්න තීරණය කළේ.
ආසියානු පාපන්දු සමුළුව දැන් දැනුම්දීලා තිබෙනවා මා අප්‍රේල් 30 වැනිදා කැඳවූ විධායක සභා රැස්වීම නීති විරෝධි නොවන බවට. පාපන්දු සම්මේලනයේ ඇතැම් පාර්ශ්ව උනන්දු වෙලා හිටියා. දැන් පාපන්දු සම්මේලනයේ උද්ගත වෙලා තිබෙන ප්‍රශ්න ගැන මම ක්‍රීඩා ඇමැතිවරයාට කියන්න ගියානම් තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම් වෙනවා කියලා ආසියානු පාපන්දු සමුළුවට පැමිණිලි කරන්න ඒ නිසා ඒ පිළිබඳව මා ආසියානු පාපන්දු සමුළුව දැනුවත් කරලයි අද ක්‍රීඩා ඇමැතිවරයා මුණ ගැහෙන්නෙ.
වසරක නිල කාලයකට පමණක් පත්කරගත් පාපන්දු සම්මේලනයේ අනු කමිටු තනතුරු මේ වන විට අහෝසියි. ඒ තීන්දු අපි ගන්නෙ විධායක සභාව හා මධ්‍යම කමිටුවේ අනුමැතියෙන්. ඒ සියළු කාරණා ගැන අද අපි ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කරන්නත් කටයුතු කරනවා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.